කොටහේන වෙඩිල්ලේ සැකකරුවන් හතක් මාට්ටු - වෙඩික්කරුට අවුරුදු 18යි
පසුගියදා කොටහේන 16 වන පටු මගේදී පුද්ගලයකුගේ හිසට වෙඩි තබා ඝාතනය කිරීම සිදුවිය.
ඒ අනුව මෙම සිද්ධියට අදාළව මෙවන විට සැකකරුවන් හත් දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවට සඳහන් වේ.
මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතරතුර ඝාතනය සිදු කළා යැයි සැලකෙන සැකකරුත් සිටින බවට පොලිසිය සඳහන් කරයි.
ඔහු කොටහේන ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි පුද්ගලයෙකු බවටයි පොලිසිය හඳුනාගෙන ඇත්තේ. යාපනය - මානිප්පායි ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී පුද්ගලයින් තුන්දෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගෙන තිබුණා.
වෙඩි ප්‍රහාරය සඳහා සැකකරුවන් පැමිණි බවට සැලකෙරෙන මෝටර් රථය ද පොලිසිය සොයාගනු ලැබුවේ පිටකොටුව ආමර් වීදීයේ දමාගොස් තිබියදීයි. එම මෝටර් රථයේ තිබී ජීව උණ්ඩයක් ද පොලිසිය සොයාගෙන තිබුණා.
අදාළ මෝටර් රථය වෙඩික්කරුවන්ට ලබාදුන් පුද්ගලයා ද මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.