(PHOTOs)හැමෝගෙම අවදානය දිනාගත්ත පියුමි හන්සමාලි ගැන කවෘත් නොදන්න කතාවක් එළියට එයි. අනිවාර්යෙන්ම බලන්න..

gossip Piyumi hansamali
By Sithumi Feb 24, 2022 06:08 PM GMT
Sithumi

Sithumi

Report

පියුමි හංසමාලි විටින් විට ශ්‍රී ලංකාවෙ ප්‍රවෘත්ති මවන චරිතයක් බවට පත්ව ඇත්තේ ඇගේ ඇති කෙලින් කතා කරන ස්වභාවය නිසාමයි..රැවටීම් මසහ බොරුවට හිස නොනමන ඇය ඇයගේ හැසිරීම් රටාව සහ වාග් රටාව සාමාන්‍ය සම්මත ගත සමාජ සංස්කෘතික සම්ප්‍රදායන්ට නොගැලපීම හෝ අභියෝග කිරීම හේතුවෙන් ඇය උණුසුම් ප්‍රවෘත්තියක් බවට පත්වෙන්නේ නිතැතිනි. ඇය හොදම ආදරණීය මවකි.

තම පුතු ආදරයෙන් රැකබලා ගනිමින් පෝෂනය කරමින් සතුටින් තබමින් හොදින් උගන්වමින් කිසිවෙකුටවත් අත නොපා ජිවත්වන ගැහැනියකි. ජීවිතේ සියලුම කඩාවැටීම් සවියක් කරගෙන කිසිවෙකුටවත් වරදක් තැබීමෙන් තොරව නැගී සිටින්නට වෙර දරන්නියකි.ජිවිතය දෙස සුභවාදීව බලන්නියකි.තම හිතවතුන්ට හිත මිතුරියන්ට හැකි උපරිමයෙන් උපකාර කරන්නියකි

. සැබවින් ලබපු ගැහැනු ආත්මය තුල සතුටින් ජිවත් වන්නියකි. (බ්‍රිතාන්‍යයේ විවාහක කාන්තාවන්ගෙන් 37% පමන දික්කසාද වීමෙන් පසු පිරිමියෙක් නොමැතිව තම දරැවන් සමග ජිවත්වේ.පියුමි අයත් වන්නේද එම කුලකයටමය.ලංකාවේද සෑම දිනකම අලුත් දික්කසාද නඩු 300ක් පමන උසාවි වලට ඉදිරිපත් වේ) පියුමි හංසමාලි උපත 1992 නොවැම්බර් 22 පියුමි හංසමාලි ලෙස, ශ්‍රී ලාංකේය නිළියක්, රූපවාහිනී පෞරුෂයක්, රූපලාවන්‍ය තරඟකාරියක් සහ නිරූපිකාවකි ඇය රිතු කතා මාලාවේ සහ වස්සානයේ සඳ සහ ලක්නව් චිත්‍රපටවල පෙනී සිටියාය.

පියුමි හංසමාලි සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ Ramp Modeling තුළින්ය.2014 වසරේ ශාන්ත සොයිසා විසින් අධ්‍යක්ෂණය කරන ලද ITN නාලිකාවේ විකාශය වූ රිතූ රූපවාහිනී කතාමාලාවෙන් හංසමාලි සිය මංගල දර්ශනය ආරම්භ කළාය. මෙම කතාමාලාවේ ඇය ජනප්‍රිය නළු විශ්ව කොඩිකාරගේ ප්‍රධාන චරිතය නිරූපණය කළාය.

2015 දී ඇය මිසිස් ග්ලෝබ් සඳහා සහභාගී වූ අතර පසුව 2016 දී මැලේසියාවේ පැවති විශ්වයේ නොබෙල් රැජින සඳහා තරඟ කළාය.2017 දී ඇය තුර්කියේ පැවති Future Fashion Faces World හි ආසියාවේ හොඳම නිරූපිකාවට තරඟ කළාය ඉන්පසුව 2018 දී ඇය උදයකාන්ත වර්ණසූරිය විසින් අධ්‍යක්ෂණය කරන ලද වස්සානයේ සඳ නාට්‍ය චිත්‍රපටය සමඟින් සිය මංගල සිනමා රංගනයට පිවිසියාය.චිත්‍රපටයේ ඇය ‘මිහිරි’ හි ප්‍රධාන චරිතය රඟපෑවාය.

2019 දී, අනිල් කුමාර් විසින් අධ්‍යක්ෂණය කරන ලද ලක්නව් මලයාලම් සිනමාවේ රඟපෑමට ඇයට ආරාධනා කරන ලදී. චිත්‍රපටයේ, ඇය ශ්‍රී ලාංකික නාට්‍යකරුවෙකු වන ජැක්සන් ඇන්තනි සමඟ ප්‍රධාන චරිතය නිරූපණය කළාය.1992 දී යශෝධා විමලධර්ම ඉන්දීය චිත්‍රපටයක ප්‍රධාන චරිතය රඟපෑමෙන් පසු ශ්‍රී ලාංකික නිළියක් මෙවන් තත්ත්වයකට පත්වූ දෙවැනි අවස්ථාව මෙයයි. ඇය තම යම් යම් ක්‍රියාකාරකම් සහ කතාවන් හරහා සම්ප්‍රදායික සමාජ සංස්කෘතික ආදිපත්‍යන් අතර උඩුගං බලා යන්නට වෙර දරන්නියක් බව පෙනේ.

ඒ ඇය සම්මත සංස්කෘති කොටු පවුර ඇතුලේ සිටීමට වෙර නොදරා සංස්කෘතික ගත නොවු ස්වභාවික ජීව විද්‍යාත්මක හැසිරීම් රටාවක් පවත්වාගෙන යන හෙයිනි. සමාජයේ සම්මතයන් උල්ලංගනය කරන හෙයිනි. ඇයට නොයෙක් ආඩපාලි කීම අරඹන්නේ මේ හේතුවෙනි. ඇයගේ ඇදුම් පැලදුම් රටාව, යුරෝපීය ආරයක් ගනී. එය උනුසුම් කාලවලදී අදින නිදහස් ආකෘතියකි. විලිය යනු තැන් දෙකකි. ඇය එය පෙන්වමින් දැමු ජායාරූප මා නම් දැක නැත. නමුත් එම ජායාරූපයක ගැහැනියකගේ දැක උන්මාදයට පත්වන්නේනම් මෙය ඉමහත් ගැටලුවකි. සංස්කෘතික මහාචාරීන්ට වදයකි.

ගැහැනුන්ගේ ඇදුම් පැලදුම් අල්ලා ගනිමන් ධර්ම දේසනා කරන්නන්ට කදිම නිමිත්තකි. එක්සත් ජාතින්ගේ මානව හිමිකම් වාර්තාවකට අනුව ලංකාවේ ගැහැනුන් 10 දෙනෙකු පොදු බසයකට නැංගොත් ඉන් අවම වශයෙන් 08 දෙනෙකුට කවරාකාරයක හෝ කරදර කරන පිරිමි සිටින සමාජයකට සැබවින්ම පියුමි හංසමාලිව ප්‍රශ්න කල නොහැකිය. මෙවර චන්දිමාල්ගේ උපන්දින පාටිය ඉතා චාම්වට පැවතුණු අතර පියුමි හංසමාලිද ඉතා රූමත්ව සහභාගි විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGallery
ReeCha