පියුමිගේ ඇදුම් බෑගයක් කරළියට(PHOTO)...තවත් හොර ජාවාරමක් ගැන අනාවරණයක්.
බණ්ඩාරවෙල පස්සර ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයේ රදවා සිටින නිරූපණ ශිල්පිනී පියුමි හන්සමාලිගේ ඇඳුම් බෑගය එහි ගෙන ගොස් දුන්නේ වෛද්‍යවරයෙකු හා ඔහුගේ බිරිඳ යයි වාර්තා වෙයි.
පියුමි හංසමාලි විසින්ද තම සමාජ ජාල ගිණුෙම් ඒ සම්බන්ධයෙන් ස්තුතියක් ද පළ කරමින් සටහනක් තබා ඇත.
මේ අතර නිරූපණ ශිල්පිණි පියුමි හංසමාලි මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බව තමන් ඔප්පු කර පෙන්වන බව අපේ ජන බල පක්ෂය සංවිධායක ඩෑන් ප්‍රියසාද් මහතා සඳහන් කරයි.
පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.
නිරෝධායන නීතිය උල්ලංඝනය කරමින් සාදයක් පැවැත්වූ කුරුණෑගල නගරාධිපතිවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලමින් ඔහු විසින් මෙම පැමිණිල්ල කර තිබේ.
නිරෝධායන නීති උල්ලංඝනය කරමින් උපන් දින සාදයක් පැවැත්වීමෙන් පසු පියුමි හංසමාලි ඇතුළු පිරිසක් මේ වන විට නිරෝධායනය සදහා යොමු කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |