පියුමි - චන්දිමාල් ඇතුළු පිරිස දින 14ක් නිරෝධායනට..(VIDEO)

Police Chandimal Piyumi Hansamali Chamuditha Hirutv
By Aruna Jun 03, 2021 07:04 AM GMT
Aruna

Aruna

Report

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ තරු පහේ හෝටලයකදී සාදයක් පැවැත්වීමේ චෝදනාව අධිකරණයෙන් ඇප ලැබූ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ, මෝස්තර නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි ඇතුළු 13දෙනා පස්සර නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කර තිබේ.

පසුගිය 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ කොළඹ තරු පහේ හෝටලයක දී නිරෝධායන රීතින් උල්ලංඝනය කරමින් මෙම පිරිස අවස්ථා කීපයකදී කොටුව පොලීසිය බාරවීමෙන් පසුද අත්අඩංගුවට ගෙන ඇත.

පසුව එම පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැරීමට නියෝග කෙරිිණි. ඉන් අනතුරුව අද කොළඹ කොටුව පොලිසිය එම පිරිස පස්සර නිරෝධායන මධ්‍යස්ථානයට රැගන ගියේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now