"..අඩනිරුවත් චරිත හැමෝටම රඟපාන්න බැහැ, කොටට අඳින එක අමුතු දෙයක්ද?.."සුරූපී නිළියක් කියන කතාව...(PHOTOS)
අපේ කළා ක්ෂේත්රයේ ඉන්න දක්ෂ සුරූපී වගේම නවක රංගන ශිල්පිනියක් තමයි පියුමාලි පාලමකුඹුර කියලා කියන්නේ. ඉතින් මේ අපූරු රංගන ශිල්පිනිය කලාවට පිවිසෙන්නේ ‘දූවිලි අහස’ ටෙලිනාට්‍ය තුළිනුයි. ඉන්පසු ටෙලිනාට්‍ය රැසක චරිත නිරූපණය කරපු ඇය මේ දවස්වල ‘ෂැඩෝ’ ටෙලිනාට්‍යයේද ‘නුරි’ ලෙස රංගනයෙන් දායක වෙනවා.
ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් මේ දිනවල ඇය ‘ෂැඩෝ’ ටෙලිනාට්‍යයේ රූගත කිරීම් එක්ක තමයිලු කාලය ගතකරන්නේ.
සාමාන්‍යයෙන් එදිනෙදා දකින චරිතවලට වඩා වෙනස් චරිතයක් තමයිලු ‘නුරි’ චරිතය. ‘ෂැඩෝ’ ටෙලිනාට්‍ය වෙනස්ම මාදිලියේ කතාවක් නිසා ඇයට කොටට අඳින්න සිදුවුණා කියලත් ඇය පවසනවා. ඉතින් ‘ෂැඩෝ’ ටෙලිනාට්‍ය කණ්ඩායමට ඔවුන්ට උපරිම නිදහස දුන්නාලු ඇඳුම් විලාසිතාවට.
ඉතින් ඒ වගේම ෂැඩෝ ටෙලිනාට්‍ය ගොඩදෙනෙක් නරඹනවා කියලත් ඇය පවසනවා. ඒ නිසාම හොඳ ප්‍රතිචාරත් තියෙනවාලු. හැබැයි ඉතින් ඔය අතර සංස්කෘතිය පැත්තෙන් බලලා කතා කරන පිරිසකුත් ඉන්නවා කියලයි ඇය පවසන්නේ. ඉතින් ඒ අය වැඩි කැමැත්තක් නැහැලු ඇය එහෙම අඳිනවට.
හැබැයි සාමූහික පැත්තෙන් බැලුවොත් ගොඩදෙනෙක් එහෙම වරදක් කියන්නේ නැහැලු. මොකද වර්තමාන සමාජයේ කොටට අඳිනවා කියන එක අමුතු දෙයක් නොවන නිසා කියලයි ඇය පවසන්නේ. ඉතින් ඒ වගේම අදටත් ඇයව ගොඩදෙනෙක් අඳුරන්නේ ‘දෙවනි ඉණිමේ ටිනා’ විදිහටලු.
ඇත්තටම ඇය ‘දෙවනි ඉණිමෙන්’ ඉවත් වුණේ ඇය ගුවන් සේවිකාවක් ලෙසට කටයුතු කරන නිසාලු. රාජකාරි කටයුතු සඳහා කාලය කළමනාකරණය කරගැනීමට අපහසු නිසා ඇය සියලුමදෙනා සමග සුහදව කතාබහ කරලා ටෙලිනාට්‍යයෙන් ඉවත් වුණාලු.
ඉතින් ඒ වගේම අඩ නිරුවත් චරිත රඟපාන අයට ඇය දොස් කියන්නේ නැහැලු. එහෙම චරිත හැමෝටම රඟපාන්න බැහැ කියලයි ඇය පවසන්නේ. ඉතින් එවැනි චරිතයක් ඇයට රඟපාන්න අවස්ථාවක් ලැබුණොත් ඇය රඟපාන්නේ නැතිවෙයිලු. මොකද එවැනි චරිතයකට ඇයට සාධාරණයක් කරන්න අපහසු නිසා කියලයි ඇය පවසන්නේ.
ඉතින් ඒ වගේම නාලක විතානගේ තමයි ඇයගේ සැමියා. ඔහු තමයි ‘ෂැඩෝ’ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කරන්නේ. ඇත්තටම ඔහු සුන්දර හදවතක් තියෙන කෙනෙක් කියලයි ඇය පවසන්නේ. ඔහු සමඟ නිර්මාණයේදී පවා වැඩ කරද්දී ඇයට හරිම පහසුවක් දැනෙනවාලු.
ඉතින් ඒ වගේම සමහර අවස්ථාවලදී ඔහු ඇයව දිරිගන්වන්න උත්සාහ කරමින් ඇයගේ සෙවණැල්ල වගේ ඇයගේ ළඟින් ඉන්න එක ඇයට ලොකු ශක්තියක්ලු. ඒ වගේම මේ වනවිට ඇය හැම රටකටම වගේ ගිහින් සුන්දර තැන් බලලා තියෙනවාලු.
ඉතින් ඒ වගේම හැම දෙයක්ම හොඳ විදියට දකිනකොට කිසිම ප්‍රශ්නයක් නැහැ කියලත් ඇය පවසනවා. හැබැයි ප්‍රශ්න නැතුවාමත් නෙවෙයිලු. හැබැයි ඒ සියල්ලටම සිනහමුවින් මුහුණ දුන්නාම හැමදේම සුන්දර කලාවක් ලෙසට දකින්න පුළුවන් කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.
ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න |