ආණ්ඩුවට විරෝධය පෑමට රෝහල්,බැංකු ,සුපිරි වෙළදසැල් ,වාහන ඇතුළු ස්ථාන 9කට හානි කල පුද්ගලයාට සිදු වු දේ - (VIDEO)

Sri Lanka protest Gotabhaya Rajapaksha Piliyandhala
By Sewvandhi Apr 12, 2022 02:31 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ගිනි අවියක් ආකාරයෙන් සකසන ලද ආයුධයකට වීදුරු බෝල සහ පාපැදි යකඩ බෝල යොදා දේපළවලට හානි කළ පුද්ගලයෙක්ව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු විසින් පිළියන්දල නගරය සහ අවට ආයතන 9ක් සහ වාහන දෙකකට එලෙස ප්‍රහාරයන් එල්ලකර බරපතළ හානි සිදුකර ඇති බව පොලීසිය පවසයි. පසුව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් සැකකරුව දම්පෙ ප්‍රදේශයේදී අත්අඩංගුව ගෙන තිබේ.

සැකකරු එම අපරාධය සඳහා යොදාගත් අවිය වීදුරු බෝල, යකඩ බෝල සහ සුඛෝපභෝගී මෝටර් රථය ද පොලීසිය විසින් සොයාගෙන ඇත. පිළියන්දල සුපිරි වෙළඳසැලක්, පෞද්ගලික බැංකුවක්, මූල්‍ය ආයතන දෙකක්, ආයුර්වේද මධ්‍යස්ථානයක්, බස් රථයක්, මෝටර් රථයක්, පෙර පාසලක් ඇතුළු ස්ථාන 09කට සැකකරු විසින් හානි සිදුකර ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

සැකකාර පුද්ගලයා විසින් තවත් පුද්ගලයෙකු සමග සුඛෝපභෝගී මෝටර් රථයකින් පැමිණ එලෙස හානි සිදුකරන අයුරු ස්ථාන කිහිපයකදී CCTV කැමරාවල සටහන්වී තිබේ.

පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරු අන්තර්ජාලය හරහා ව්‍යාපාර කටයුතු සිදුකරන 34 හැවිරිදි පුද්ගලයක් බවය. ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ පිළියන්දල ප්‍රදේශයේ මිතුරෙක් හා එක්ව මෙම අපරාධ සිදු කළේ රජයට විරෝධය පළකිරීමක් ලෙස බවය.

(වීඩියෝ අයිතිය - අද දෙරණ)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now