රජයේ තීරණයකට එරෙහිව වෘත්තීය සමිති දැඩි තීරණයක..
Sri Lanka
SL Protest
By krishani
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණය කිරීමේ තීරණයට එරෙහිව ඉදිරියේ දී දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ඛනිජ තෙල් පොදු සේවක සංගමය පැවසීය.
ඒ ඊයේ (25) පස්වරුවේ අදාළ වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඛනිජතෙල් වෘත්තීය සමිති සාකච්ඡාවක් ද පවත්වා ඇති බව එම සංගයේ සභාපති අශෝක රංවල මහතා සඳහන් කළේ ය.
තව ද ලබන සතියේ යළිත් සිය වෘත්තීය සමිති රැස් වී අදාළ ක්‍රියාමාර්ග ගනු ලබන දිනයන් පිළිබඳ එකඟතාවකට පැමිණෙන බව ද ඔහු පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
