හෙට කුමකින් කුමක් වෙයි ද?. කරන්න යන දේ මෙන්න.
Colombo
Sri Lanka
By krishani
හෙට (01) සියලු විදුලි සේවකයන් කොළඹට කැඳවා දැවැන්ත විරෝධතාවක නිරත වන බව ලංකා විදුලි සේවක සංගමය සඳහන් කළේ ය.
ඒ අනුව එහි ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් කියා සිටියේ විදුලිබල මණ්ඩල මුලස්ථානය ඉදිරිපිට මෙම විරෝධතාව සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි.
ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (30) විදුලි බිල නැංවීමට එරෙහිව අත් පත්‍රිකා බෙදාදීමේ අවස්ථාවකට එක්වෙමින් ය.
මේ අතර පෙරේදා (29) දිනයේ විදුලි ගාස්තු ඉහළ නැංවීමට එරෙහිව දිවයිනේ ප්‍රදේශ රැසක පන්දම් දල්වමින් රාත්‍රියේ දී විරෝධතා පැවැත්විණ.
