ගොයම් කා කා පොහොර ඉල්ලූ ඇඹිලිපිටියෙ ගොවීන් වහල උඩ නැගපු හැටි මෙන්න.(VIDEO)

Farmers Embilipitiya Chemical
By Aruna Jun 29, 2021 03:00 PM GMT
Report

රත්නපුර දිස්ත්‍රික්කයේ,ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට, අයත් පනාමුර ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කලාප දෙකක ගොවි සංවිධාන 03කට අයත් ගොවීන් පිරිසක් අද එම මධ්‍යස්ථානය ඉදිරිපිට විරෝධතාවයක් පවත්වනු ලැබුවා.

ගොවීන් මෙලෙස විරෝධතාවයේ නිරත වුනේ යල කන්නයේ තම වී වගාවට අවශ්‍ය පොහොර ප්‍රමානවත් පරිදි නිසි වෙලාවට නොලැබීම සම්බන්ධවයි.

එහිදී ගොවීන් චෝදනා කළේ තම වී වගාවට මේ වන විට දින 60ත් ඉක්මවා ගොස් ඇති බැවින් තවමත් තමන්ට අවශ්‍ය පොහොර නොලැබී ඇති බවයි.

මෙයට හේතුව ලෙස එම ගොවීන් චෝදනා කරන්නේ ගොවිජන සේවා මධ්‍යස්ථානය හරහා යම් වංචාවක් සිදුව ඇති බවටයි.

මෙහිදී විරෝධතාවයට එක් වූ ගොවීන් පිරිසක් එම මධ්‍යස්ථානයේ වහලය මත නගිමින් සිය විරෝධතාවයේ නිරත වුණා. එම වීඩියෝව පහතින් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now