PHOTOS ගනිද්දි මේදේවල් කරන්න එපා.. නැත්නම් මංගල උත්සවත් හතනම් වෙයි?..

Sri Lanka Wedding Hemantha herath Photographer
By Aruna Nov 08, 2021 08:21 AM GMT
Aruna

Aruna

Report

උත්සව අවස්ථාවලදී ඡායාරූප ගැනීමේ දී මුඛ ආවරණය ඉවත් නොකිරීමට වග බලාගත යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් පවසනවා.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා දැක්වූ අදහස් පහතින්..

“උත්සවවලදී ඡායාරූප ගැනීම සඳහා මුඛ වැස්ම ඉවත් කිරීමට බොහෝ දෙනෙක් පුරුද්දක් හැටියට කරගෙන යනවා. මේක ඒ තරම් හොඳ ක්‍රියාවලියක් නෙමෙයි.

මොනම හේතුවක් නිසාවත්, අත්‍යවශ්‍ය හේතුවක් ඒ කියන්නේ වතුර හෝ කෑම ගැනීම සඳහා හැර වෙන කිසිම අවස්ථාවක මුඛ වැස්ම ඉවත් කිරීම නොකළ යුතුයි.

ඒ වගේම තමා මංගල උත්සව සහ අනෙක් සාද පැවැත්වීම දැන් වැඩිවෙමින් පවතිනවා මෙහිදී අපි උපරිම සීමාවක් සඳහන් කර තිබුණත් එයට ළඟා නොවී අවම සංඛ්‍යාවකින් මේ කටයුත්ත නිම කරන්න පුළුවන් නම් ඒක තමා වැදගත් වෙන්නේ.

මෙවැනි උත්සව එකතුවීම් හරහා ජනතාවගේ සමාජික අවශ්‍යතාවයන් ඉෂ්ට වෙන ගමන් අපිට මේ රෝගය බෝවෙන එක වළක්වා ගන්න නම් සෞඛ්‍ය පුරුදු නිසි පරිදි අනුගමනය කරමින් කටයුතු කිරීම වැදගත් වෙනවා.

“යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now