ඔබත් එන්නත ලබා ගත්තද..යම් අපහසුතාවයක් ඇත්ද..එසේ නම් භාවිතා කර යුතු ඖෂධය සහ දැනුම් දෙන්න දුරකතන අංක මෙන්න..

covid19 Pfizer vaccination richway arya hospital Shamen Ravindrajith
By Sewvandhi Sep 25, 2021 08:10 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොවිඩ් මර්දන “ෆයිසර්” එන්නත ලබාගත් විවිධ ආබාධ සහිත දරුවන්ට, එසේ එන්නත ලබාගැනීමෙන් පසු යම් ගැටලුවක් හෝ අපහසුතාවක් ඇත්නම් දැනුම්දීමට විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව එවැනි අවස්ථා පිළිබඳව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ 0702703954 යන දුරකතන අංකයට දැනුම්දීමට හැකියි.

එම දුරකථන අංකය පැය 24 පුරා ක්‍රියාත්මක වන බවද ඔවුන් සඳහන් කළා. දරුවන්ට එන්නත ලබාදීමෙන් පසු උණ තත්වයක් ඇතිවුවහොත් පැරසිටමෝල් පෙත්තක් ලබාදීම ගැටලුවක් නැති බවත් දරුවන් මහන්සි වෙන ආකාරයේ ක්‍රියාකාරකම්වල නොයෙදවිය යුතු බවත් ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ශ්‍යාමන් රවීන්ද්‍රජිත් මහතා පැවසුවා.

මේ අතර, ඊයේ දිනයේදී මෙරට කොරෝනා එන්නත්කරණ වැඩසටහන යටතේ පුද්ගලයින් 223,354 කට එන්නත් ලබාදී තිබෙනවා. එහිදී සයිනොෆාම් දෙවන මාත්‍රාව පුද්ගලයින් 29,995 කට ලබාදී ඇති අතර, එහි පළමු මාත්‍රාව ලබාදුන් සංඛ්‍යාව 114,462 ක්.

කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ද ඊයේ දිනයේ 2146 දෙනෙකුට ලබාදී තිබෙනවා. ස්පුට්නික් එන්නතෙහි දෙවන මාත්‍රාව පුද්ගලයින් 21,676 කට සහ ෆයිසර් එන්නතෙහි දෙවන මාත්‍රාව 23,143 දෙනෙකුට ලබාදී තිබෙනවා.

එමෙන්ම, ලබන මස අග වනවිට කොරෝනා එන්නත් මිලියන 08ක් පමණ අපනයනය කිරීමට අපේක්ෂා කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, අමෙරිකාවේ වොෂින්ටන් නුවරදී ප්‍රකාශ කළා.

ඉන්දියාවේ කොරෝනා එන්නත් අපනයනය පසුගිය අප්‍රේල් මාසයේ සිට නතර වූයේ එරට වසංගත තත්ත්වය උත්සන්න වීම හේතුවෙන්. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වොෂින්ටනයේදී ඊයේ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මෙන්ම ජපාන සහ ඕස්ට්‍රේලියානු නායකයින්ද මුණ ගැසුණා.

ඒ, ඉන්දු - පැසිෆික් කලාපයේ සහයෝගීතාව පිළිබඳ සිව් පාර්ශවික සාකච්ඡා සඳහායී. ඒ, කලාපය තුළ චීනයේ ආධිපත්‍යය සමනය කිරීමේ පියවරක් ලෙසයි සැලකෙන්නේ.

මෙම හමුවේදී ලබන වසර අවසාන වනවිට ආසියාකරය පුරා කොරෝනා එන්නත් බිලියනයක් බෙදාහැරීමට එකඟත්වය පළව තිබෙනවා. ඉන්දියාව එහි පාර්ශවකරුවෙකු ලෙස කටයුතු කරනු ඇති. 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now