දරුවන් 18 දෙනෙකුගේ ජිවිත අහිමි කළ, ඖෂධ නිෂ්පාදන සමාගමක බලපත්‍රය අහෝසි කරයි.

Government Of India India
By krishani Mar 24, 2023 01:43 AM GMT
krishani

krishani

Report

උස්බෙකිස්ථානයේ දරුවන් 18 දෙනෙකුගේ ජිවිත අහිමි කළ ඉන්දීය ඖෂධ නිෂ්පාදන සමාගමේ නිෂ්පාදන බලපත්‍රය ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් බලධාරින් විසින් අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබුණේ, මැරියොන් බයෝ ටෙක් සමාගම නිෂ්පාදනය කරන ලද කැස්ස සඳහා භාවිත කෙරෙන සිරප් වර්ග දෙකක් ප්‍රමිතියෙන් තොර බවයි.

ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කෙරුණු අතර එහිදී ලබාගත් සාම්පලවල ගැටලු පවතින බව හදුනාගෙන ඇත.

කෙසේවෙතත්, ඉන් අනතුරුව ඉන්දීය බලධාරින් විසින් ඔවුන්ගේ නිෂ්පාදන බලපත්‍රය අවලංගු කිරීමට කටයුතු කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join