ඉන්දන මිල තවත් වැඩි වෙයි? එන්නත් වලට ඩොලර් දෙන්න වෙනවා - ගම්මන්පිල කියූ කතාව

Corona virus Sri lanka covd 19
By Sithumi Aug 17, 2021 05:36 PM GMT
Sithumi

Sithumi

Report

විදේශ විනිමය ඉතිර කර ගැනීම සඳහා ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිතා කරන්නැයි බලශක්ති අමාත්‍ය ගමන් උදය ගම්මන්පිල මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

තම සමාජ ජාලා ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ ඖෂධ සහ ප්‍රතිශක්තිකරන එන්නත් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා සීමිත විදේශ විනිමය ප‍්‍රමාණය ඉතිරි කර ගත යුතුව ඇති බවයි. 

මෙම වසරේ මුල් මාස හය තුල සිදු කලආනයනය වලින් 18%ක් ඉන්ධන සඳහා වැය කර ඇති බවත් අවසාන මාස 06 තුල එය 25%ක් වීමටත් ඉඩ ඇති බවත් ඔහු කියා සිටියි. මේ බව සඳහන් කරමින් ඒ මහතා තම ට්විටර් ගිණුමේ තබා ඇති සටහන මෙසේය.