බවුසර් හිමියන්ගේ වර්ජනය අත්හිටුවයි
Ceylon Petroleum Corporation
Liquefied Petroleum Gas
By Sithumi
ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් සිය ගාස්තු සියයට 60කින් ඉහළ දමන ලෙස ඉල්ලා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකිරථ හිමියන්ගේ සංගමය ඊයේ (15) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන ප්‍රවාහනයෙන් ඉවත්වී වර්ජනයක් ආරම්භ කළේය.
අද (16) පෙරවරුවේ බලශක්ති අමාත්‍යවරයා සමඟ පැවැති සාකච්ඡාවේදී ඩීසල් වැඩිවීමේ ප්‍රවාහන ගාස්තු සංශෝධනය වහාම සිදු කිරීමටත්, රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් සිදුවන හානිය අප්‍රේල් 01 වන දින සිට ප්‍රතිපූර්ණය කිරීමටත් පොරොන්දු වී තිබේ. මේ අනුව පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය විසින් දියත් කළ වැඩ වර්ජනය අත්හිටුවීමට ඔවුන් තීරණය කර ඇත
