පෙට්‍රල් සහ ඩීසල් සම්බන්ධයෙන් අද රට පුරා කරන්න යන දේ මෙන්න..

Ceylon Petroleum Corporation Sri Lanka
By Aruna May 21, 2022 11:52 PM GMT
Aruna

Aruna

Report

අනවසර ලෙස ඉන්ධන ගබඩා කරගනිමින් නැවත විකිණීම සිදුකරන පුද්ගලයින් සොයා අද දින දිවයින පුරා විශේෂ වැටලීම් සිදුකරන බව පොලිසිය දැනුම් දී තිබෙනවා.

ඒ අනුව අද සිට එවැනි පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා බවයි පොලිසිය අවධාරණය කළේ.

මේ අතර ප්‍රමාණවත් පරිදි ඉන්ධන තොග රටට ලැබී ඇති මොහොතක, විරෝධතාවලින් ඉන්ධන ප්‍රවාහනයට බාධා සිදුවන්නේ නම් අදාළ ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන සැපයීම අත්හිටුවීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගත් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊයේ දින ප්‍රකාශ කළා.

මේ අතර, ඉන්ධන හිඟය හේතුවෙන් ජනතාව මේ මොහොතේදීත් දිගු පෝලිම්වල රැදී සිටින අතර, ඇතැම් පිරිස් මාර්ග අවහිර කරමින් විරෝධතාවල ද නිරත වනවා.

මේ වනවිට ඩීසල් හා පෙට්‍රල් නෞකා දෙකකින් ඉන්ධන ගොඩබාමින් පවතින අතර, තවත් පෙට්‍රල් නෞකාවකට මුදල් ගෙවා තිබෙනවා.

ඉදිරි දින 10 ඇතුළත තවත් ඩීසල් නෞකා දෙකක් සහ පෙට්‍රල් නෞකාවක් පැමිණීමට නියමිත බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now