අවදානම් සහගත කාලගුණ අනාවැකියක්

By Sithumi Oct 01, 2022 11:54 AM GMT
Sithumi

Sithumi

Report

අද පස්වරු 02.00 සිට ඉදිරි පැය 24 සඳහා ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් දැඩි කාලගුණ නිවේදනයක් නිකුත් කර තිබේ.

ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය මීටර් 2.5 - 3.0 පමණ දක්වා වැඩිවීමේ හැකියාවක් පවතින අතර තද සුළං පැයට කිලෝමීටර් (60-70) දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතී. එබැවින් ඉහත මුහුදු ප්‍රදේශ ඉතා රළු වනු ඇත. ගාල්ල සිට පුත්තලම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය මීටර් 2.0 - 2.5 පමණ දක්වා වැඩි වීමේ හැකියාවක් ද පවතින අතර තද සුළං ද පැයට කිලෝමීටර් (50-60) දක්වා ඉහළ යා හැකිය. 

 එබැවින් ඉහත මුහුදු ප්‍රදේශ රළු වනු ඇත. ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නොයෙදෙන ලෙසත්, ගාල්ල සිට කොළඹ හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ඉදිරි කාලය තුළ අවධානයෙන් පසුවන ලෙසත් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි. පැය 24

Gallery