දිස්ත්‍රික්ක කිහිපයකට බලපෑ හැකි උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

Report

උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

අද (30) පස්වරු 4.00ට නිකුත් කළ මෙම නිවේදනය හෙට (01) දිනය සඳහා බලපැවැත්වෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල මෙන්ම යාපනය, කිලිනොච්චි, මුලතිව්, වවුනියාව, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී උණුසුම් දර්ශකය හෙවත් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කළ යුතු” මට්ටමක පැවතිය හැකි බව එම නිවේදනයේ දැක්වේ.

එබැවින් අදාළ ප්‍රදේශවල ජනතාව ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත්, දිගු වේලාවක් සෘජු හිරු එළියට නිරාවරණය වීමෙන් වළකින ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

එමෙන්ම, සැහැල්ලු ඇඳුම් භාවිත කරන ලෙසත්, වයෝවෘද්ධ පුද්ගලයන්, කුඩා දරුවන් සහ රෝගී පුද්ගලයන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන ලෙසත් ජනතාවට උපදෙස් ලබා දී තිබේ.   

පළාත් රැසකට මිලිමීටර් 50 ඉක්මවූ තද වැසි සහ අකුණු අවදානමක් - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි අනතුරු ඇඟවීමක්

පළාත් රැසකට මිලිමීටර් 50 ඉක්මවූ තද වැසි සහ අකුණු අවදානමක් - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි අනතුරු ඇඟවීමක්

GalleryGallery