ඇමරිකානු හමුදාවෙන් නිවේදනයක් - ඉරාකයේ සිටින සියලුම ඇමරිකානු හමුදා භටයින් ඉවතට

Report

ඉරාකයේ රඳවා සිටි සියලුම ඇමරිකානු හමුදා භටයින් ඉවත් කර ගැනීම සම්පූර්ණ කළ බව ඇමරිකානු හමුදාව නිවේදනය කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඒ අනුව ඉරාකයේ උතුරු ප්‍රදේශයේ, අර්ධ ස්වයං පාලන කුර්දි කලාපයේ අර්බිල් ගුවන් කඳවුරේ රැඳී සිටි අවසන් ඇමරිකානු හමුදා භටයින් සහ උපකරණ ද ඉවත් කරගෙන ඇති බවයි.

ඇමරිකානු හමුදාව ඉරාකයෙන් ඉවත් වීමත් සමඟ එරට ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට එරෙහිව වසර 12ක් පුරා ක්‍රියාත්මක කළ මෙහෙයුම අවසන් වන බවත් සඳහන් වේ.

රාජ්‍ය ආයතන 306ක් සඳහා වලංගු වන - HNB බැංකුවෙන් අලුත්ම වැඩක්

රාජ්‍ය ආයතන 306ක් සඳහා වලංගු වන - HNB බැංකුවෙන් අලුත්ම වැඩක්

ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තු ප්‍රකාශක ෂෝන් පාර්නල් (Sean Paell) සඳහන් කර ඇත්තේ මෙය යුද සමයේ පැවති සන්ධාන මෙහෙයුමක සිට ඉරාකය මෙහෙයවන ආරක්ෂක ක්‍රියාවලියකට මාරුවීමක් බවයි.

මේ අතර, ඇමරිකානු හමුදා ඉවත් කර ගැනීම ඉරාකයේ ස්වෛරීභාවය ශක්තිමත් වීමේ සලකුණක් ලෙස එරට රජය විසින් හඳුන්වා දී තිබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල සංශෝධනයක් - දැනට තියෙන ඉන්ධන මිල අඩුම මිලටත් වඩා අඩුවෙන් තියෙන්නේ - රජයට විශේෂ ඉල්ලීමක්

ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල සංශෝධනයක් - දැනට තියෙන ඉන්ධන මිල අඩුම මිලටත් වඩා අඩුවෙන් තියෙන්නේ - රජයට විශේෂ ඉල්ලීමක්

කෙසේ වෙතත්, ඉරාකයේ විශාල ප්‍රදේශයක් අත්පත් කරගෙන සිටි ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට එරෙහිව සටන් කිරීම සඳහා 2014 වසරේදී ඉරාක බලධාරීන් විසින් ඇමරිකාව ප්‍රමුඛ කුඩා හමුදා මෙහෙයුමක් යළි ආරාධනා කර තිබුණ බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.