ජාතික රෝහලේ පෙට් ස්කෑන් පරීක්ෂණ නවතී.
කොළඹ ජාතික රෝහලේ පෙට් ස්කෑන් පරීක්ෂණ සති දෙකකින් පසු නවතා දැමීමට සිදු වන බවට රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය අනතුරු අඟවනවා.
එහි සභාපති චානක ධර්මවික්‍රම ප්‍රකාශ කර සිටියේ පරීක්ෂණ සිදු කරන පිරිස විශ්‍රාම යාම සහ රට හැරයාම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වන බවයි.
කොළඹ ඊයේ (04) පැවතී මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු පැවසුවේ මහනුවර ජාතික රෝහලේ පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට භාවිත කරන ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍ර දෙකක්ද නොවැම්බර් මාසයේ සිට අක්‍රියව පවතින අතරම මඩකලපුව රෝහලේද එම යන්ත්‍රය අක්‍රිය වී ඇති බවයි.
සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ මෙරට අක්ෂි සැත්කම් සාමාන්‍ය පරිදි සිදු වන බවයි.
වෛදය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක සඳහන් කර සිටියේ ලබන නොවැම්බර් මාසය දක්වා අවශ්‍ය අක්ෂි කාච වෛද්‍ය සැපයීම අංශය මඟින් මෙරට රෝහල් සඳහා බෙදා හැර ඇති බවයි.
