ආරවුලක් දුර දිග යාමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
By Kanchana
පුද්ගලික ආරවුලක් දුරදිගයෑමෙන් තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇත.
ඒ වගේම ඊයේ (22) දහවල් කාලයේ මෙම සිද්ධිය වාර්තා වී තිබුණේ, මාරවිල පොලිස් වසමේ දුන්කන්නාව ප්‍රදේශයේදී වේ මෙලෙස මියගොස් ඇත්තේ, දුන්කන්නාව ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි පුද්ගලයෙකි.
මෙම පුද්ගලයා අසල්වැසියෙකු සමඟ ඇති වූ පුද්ගලික ආරවුලක් දුරදිග ගොස් එම අසල්වැසි පුද්ගලයා විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර තිබෙන බව ට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති බව පොලීසිය සදහන් කරයි.
මෙම අපරාධය සම්බන්ධයෙන් වයස අවුරුදු 43 ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
තවද මෙම සිදුවීම සම්බන්ධයෙන් මාරවිල පොලීසිය විසින් තව දුරටත් විමර්ශන කටයුතු සිදු කරයි.