2026 ගැන බාබා වැන්ගා කියපු ආන්දෝලනාත්මක අනාවැකිය - පුටින් ලෝක නායකයා?
2026 වසරේදී අපගේ සමාජය ‘සීමාව ඉක්මවා ගොස් ඇති’ බව මිනිසුන්ට වැටහෙනු ඇති බවට ලොව ප්‍රකට දෛවඥයකු වන බල්ගේරියානු ජාතික අන්ධ කාන්තාවක වූ බාබා වැන්ගා අනාවැකි පළකර ඇති බවට විදෙස් මාධ්‍ය පවසයි.
ඒ අනුව ඇය, ලෝකය සදාචාරාත්මක සහ තාක්ෂණික සීමාවන් ඉක්මවා ගොස් ඇති බවට වන අවබෝධය, එක් ක්ෂණික සිදුවීමකට වඩා ගෝලීය නොසන්සුන්තාව සහ විද්‍යාත්මක සොයාගැනීම් හරහා සිදුවනු ඇතැයි විශ්වාස කෙරෙන බවට පවසා ඇති බව වාර්තා වේ.
එසේම 2026 වසර වන විට තාක්ෂණය කෙතරම් උසස් මට්ටමකට වර්ධනය වනු ඇත්ද යත්, එය මිනිසුන්ව පාලනය කිරීමට පටන් ගන්නා තත්ත්වයකට පත්වනු ඇති බවට ඇය ප්‍රකාශ කළ දේ AI හෙවත් කෘත්‍රිම බුද්ධිය පිළිබඳ වන බවට අනුගාමිකයන් පෙන්වා දෙයි.
කෙසේ වෙතත් ඇය ලබන වසරේදී සිදුවිය හැකි දේ පිළිබඳ කරන ලද අනාවැකි ගැන ලෝකය පුරා මේ වන විට දැඩි අවධානයක් ලක්ව ඇත.
මින් පෙරද අවස්ථා ගණනාවකදී සත්‍ය වූ බව පැවසෙන ඇයගේ අනාවැකිවලට අනුව, 2026 පිළිබඳ අනාවැකි ප්‍රධාන ලෙසම තාක්ෂණය සහ සදාචාරය යන කරුණු මත පදනම් වී තිබෙනවා.
තවද 2025 වසරේ ආරම්භ වන බව පැවසෙන ලෝක ආර්ථික අර්බුදය 2026 වසර දක්වාම ලොව පුරා පවතිනු ඇති බව ඇයගේ දර්ශනයන් දක්වයි. එමෙන්ම විද්‍යාව සහ සෞඛ්‍ය ක්ෂේත්රය සම්බන්ධයෙන්ද ඇය වැදගත් අනාවැකි කිහිපයක් පළ කර ඇති බව සඳහන්.
ඒ අනුව 2026 වන විට අවම වශයෙන් එක් ප්‍රධාන රටක හෝ පිළිකා රෝගය කලින් හඳුනාගත හැකි රුධිර පරීක්ෂණ හඳුන්වා දීමට ඉඩ ඇති අතර, එමගින් පිළිකා කල්තියා හඳුනාගැනීමට වෛද්‍යවරුන්ට හැකි වීම ඇයගේ එක් අනාවැකියක් වී ඇති බව පවසයි.
රටට වස් වැදී හෙණ වැදී රටම විසාලා මහනුවරක් වෙලා - ජනාධිපතිගේ අතේ බැන්ද පිරිත් නූල ගලවා විසි කරාට දෙසන ධම්මරතන හිමි
එසේම මෙහි පිරිවැය සහ ඇතැම් කණ්ඩායම්වලට පමණක් ප්‍රමුඛතාවය ලැබීම වැනි ගැටළු පැන නැගිය හැකි බවත් එහි දක්වා ඇත.
ඊට අමතරව කෘතීම ජීව විද්‍යාව සහ අවයව ප්‍රතිස්ථාපනය පිළිබඳ දියුණුව ගැන ද ඇය අනතුරු අඟවා ඇති අතර, 2046 වන විට කෘත්‍රිම අවයව මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීමට හැකිවනු ඇති බවටද ඇය විශ්වාස කර ඇත.
මේ අතර ඇයගේ අනාවැකිවලට අනුව, නැගෙනහිරින් ආරම්භ වන යුද්ධයක් බටහිර දෙසට ව්‍යාප්ත වී බටහිර ලෝකය විනාශ වන බවද සඳහන්. එම ගැටුම් හමුවේ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ලෝක නායකයෙකු වශයෙන් නැගී සිටින බව හැඟවෙන්නේ යැයි ද ඇය අනුගමනය කරන්නන් විශ්වාස කරයි.
එසේම ‘ලොව අධිපති’ බවට පත්වන පුද්ගලයා වශයෙන් ඇය පවසා ඇත්තේ පුටින් සම්බන්ධයෙන් බවට ඔවුන් විශ්වාසය පළකරයි. ඒ අනුව ඇයගේ අනාවැකි විශ්වාස කරන පිරිස් දක්වන්නේ පුටින් මෙම ගැටුමේ පෙරමුණ ගෙන කටයුතු කරනු ඇති බවයි.
තවද මේ වන විට පවතින ඊශ්‍රායල ගැටුම් පලස්තීනයෙන් ඔබ්බට ව්‍යාප්ත වෙමින් පවතින බවත්, 2026 වසරේදී මෙවැනි සියලු ගැටුම් එකිනෙක සම්බන්ධ වී තුන්වන ලෝක යුද්ධය ඇවිලවීමට ඉඩ ඇති බවත් වාර්තා වේ.
''කොදු නාරටිය හයිය මගේම පාසලේ සහෝදරියක්! ආඩම්බරයි නංගී ''සිරිමාවෝ තවත් ප්‍රසිද්ධ ආදී ශිෂ්‍යාවක් කට අරී
ඇයගේ අනුගාමිකයන් සඳහන් කරන ආකාරයට 1996 වසරේදී පියයුරු පිළිකාවකින් මියගිය බාබා වැන්ගා හෙවත් සැබෑ නාමය වන වැන්ජෙලියා පාන්ඩේවා ගුෂ්තෙරෝවා, තමාගේ මරණය ද ඇතුළුව, වසර 5079 දක්වා විහිදෙන අනාවැකි දහස් ගණනක් ඉතිරි කර ඇත.
කෙසේ වෙතත් ඇයගේ අනාවැකි පිළිබඳ ලිඛිත වාර්තා නොමැති වුවත් එම කරුණු ඇයගේ ලේලිය වන ක්රසිමිරා ස්ටෝයනෝවා ඇතුළු ඥාතීන් හරහා වර්තමානයට පැමිණ ඇත.
එමෙන්ම 9/11 ප්‍රහාරය සහ ඩයනා කුමරියගේ මරණය වැනි ලෝක සිදුවීම් ඇය නිවැරදිව ප්‍රකාශ කළ බව ආධාරකරුවන් සඳහන් කරන අතර, විචාරකයින් දක්වන්නේ ඇයගේ අනාවැකි ඕනෑම ආකාරයකට අර්ථකථනය කළ හැකි පුළුල් ප්‍රකාශ පමණක් බවයි.