එංගලන්තයේ එක්වරම පොළොව ගිලාබසී - බරපතළ තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

Report

එංගලන්තයේ ෂ්රොප්ෂයර් හි විට්චර්ච් ප්‍රදේශයේ ඇළ මාර්ගයක ඇති වූ විශාල පොළොව ගිලාබැසීමක් නිසා බරපතළ තත්ත්වයක් පිළිබඳ ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව අද අලුයම මෙම සිදුවීම පිළිබඳ වාර්තා ලැබී ඇති අතර, ඇළ ඉවුර කඩා වැටීම හේතුවෙන් විශාල ජල ප්‍රමාණයක් අවට ප්‍රදේශයට ගලා ගොස් ඇති බව සඳහන්.

දළ වශයෙන් මීටර් 50 x 50 ප්‍රමාණයේ විශාල සිදුරක් එකවරම නිර්මාණය වී ඇති අතර, ඒ හේතුවෙන් බෝට්ටු දෙකක් එම සිදුර තුළට ඇදී ගොස් ඇති බවත් වාර්තා වේ.

කෙසේ වෙතත් මෙහිදී කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති අතර අසල නවතා තිබූ බෝට්ටු වල සිටි පදිංචිකරුවන් 12 දෙනෙකු පමණ ආරක්ෂිතව ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

ගුවන්යානයක් කඩාවැටී 05 දෙනෙකු මරුට

ගුවන්යානයක් කඩාවැටී 05 දෙනෙකු මරුට

ඒ අනුව ඔවුන් විට්චර්ච් හි පැරණි පොලිස් ස්ථානයේ පිහිටි සුබසාධන මධ්‍යස්ථානයකට යොමු කිරීමටයි පියවර ගෙන ඇත.

එසේම ගිනි නිවන භටයන් විසින් ජල ගලායාම පාලනය කිරීමට කටයුතු කරමින් සිටින බව විදෙස් වාර්තාවල දැක්වේ.

මේ අතර මහජන ආරක්ෂාව සඳහා විට්චර්ච් මරීනා ඇතුළු අවට ප්‍රදේශයට පැමිණීමෙන් වළකින ලෙසද දැනුම් දී ඇත.

එමෙන්ම මෙම මෙහෙයුම සඳහා ආයතන කිහිපයක සහභාගීත්වයෙන් යුත් ඒකාබද්ධ ප්‍රතිචාර කණ්ඩායමක් ක්‍රියාත්මක බව සඳහන්.

2026 ගැන බාබා වැන්ගා කියපු ආන්දෝලනාත්මක අනාවැකිය - පුටින් ලෝක නායකයා?

2026 ගැන බාබා වැන්ගා කියපු ආන්දෝලනාත්මක අනාවැකිය - පුටින් ලෝක නායකයා?

අද කැලණි යන අයට විශේෂ නිවේදනයක්

අද කැලණි යන අයට විශේෂ නිවේදනයක්