දුම්රිය පිලී පැනීමක්
කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානය අතර අද පෙරවරු 09.30 ට ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය පිලී පැනීමකට ලක්ව ඇති බව වාර්තා වේ.
කොළඹ කොටුව සිට පෙරවරු 09.30ට මිරීගම දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය මෙලෙස පැනීමකට ලක්ව ඇති බව වාර්තා වෙයි.
මෙම දුම්රිය පිලී පැනීම නිසා එම මාර්ගය භාවිතා කරනන්ට වෙනත් මාර්ග හරහා ගමන් කිරීමට සිදු වේ. රේල් මාර්ග සේවා ඒකකය දුම්රිය සදහා අවශ්‍ය නඩත්තු කටයුතු කරමින් පවතී.