ලබන වසරේ සිට පාසල් සිසුවියන්ට රජයෙන් විශේෂ පරිත්‍යාගයක්

Report

එම සාකච්ඡාවේදී පාසල් සිසුවියන්ට සනීපාරක්ෂක තුවා ලබා දීමේ වැඩසටහන, 2026 වසරේ සිට දිවයින පුරා සියලු පාසල් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීම පිළිබඳ අවධානය යොමු විය.

එමඟින් 6 ශ්‍රේණියෙන් ඉහළ සිටින මිලියනයකට අධික සිසුවියන්ට සනීපාරක්ෂක තුවා ලබාදීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

මෙම වැඩසටහන සඳහා රජය රුපියල් බිලියන 1.44ක් වෙන් කර ඇති අතර, සෑම සිසුවියකටම වාර්ෂිකව රුපියල් 1,440ක වටිනා සනීපාරක්ෂක තුවා ලබාදීමට නියමිතය.

මෙරට රන් මිල රුපියල් 7000කින් ඉහළට

මෙරට රන් මිල රුපියල් 7000කින් ඉහළට

පළාත් අධ්‍යාපන කාර්යාල හරහා පාසල් වෙත මෙම තිළිණපත් බෙදා හැරීමට කටයුතු කරන අතර, සනීපාරක්ෂක තුවා පිළිබඳ ප්‍රමිතීන් සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ලියාපදිංචි සහතික ලත් ආයතනවල නිෂ්පාදන පිළිබඳව විමර්ශන සිදු කරයි.

මෙම සාකච්ඡාවේදී සිසුවියන්ට තම අවශ්‍යතාවය අනුව තුවා ලබාගැනීමට හැකියාව සලසා දීම, භූගෝලීය විෂමතා අනුව වවුචර් පත් බෙදා හැරීම, පරිසර හිතකාමී ලෙස භාවිතයෙන් පසු තුවා ඉවත් කිරීමේ ක්‍රමවේද සැකසීම වැනි කරුණු පිළිබඳව අග්‍රාමාත්‍යතුමියගේ අවධානය යොමු විය.

මෙම ව්‍යාපෘතියේ ඵලදායීතාවය සහ ප්‍රතිලාභීන්ගේ පහසුව සලකා බලමින් කටයුතු කිරීම සඳහා උපදෙස් දී ඇති බවද නිලධාරීන් ප්‍රකාශ කළහ.

මේ ප්‍රදේශයේ ලන්ෂීට් තහනමක්

මේ ප්‍රදේශයේ ලන්ෂීට් තහනමක්