ලබන වසරේ සිට පාසල් සිසුවියන්ට රජයෙන් විශේෂ පරිත්‍යාගයක්

Report

එම සාකච්ඡාවේදී පාසල් සිසුවියන්ට සනීපාරක්ෂක තුවා ලබා දීමේ වැඩසටහන, 2026 වසරේ සිට දිවයින පුරා සියලු පාසල් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීම පිළිබඳ අවධානය යොමු විය.

එමඟින් 6 ශ්‍රේණියෙන් ඉහළ සිටින මිලියනයකට අධික සිසුවියන්ට සනීපාරක්ෂක තුවා ලබාදීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

මෙම වැඩසටහන සඳහා රජය රුපියල් බිලියන 1.44ක් වෙන් කර ඇති අතර, සෑම සිසුවියකටම වාර්ෂිකව රුපියල් 1,440ක වටිනා සනීපාරක්ෂක තුවා ලබාදීමට නියමිතය.

පාසල් නිවාඩුව වෙනස් වෙයි - පාසල් ආරම්භය මෙන්න

පාසල් නිවාඩුව වෙනස් වෙයි - පාසල් ආරම්භය මෙන්න

පළාත් අධ්‍යාපන කාර්යාල හරහා පාසල් වෙත මෙම තිළිණපත් බෙදා හැරීමට කටයුතු කරන අතර, සනීපාරක්ෂක තුවා පිළිබඳ ප්‍රමිතීන් සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ලියාපදිංචි සහතික ලත් ආයතනවල නිෂ්පාදන පිළිබඳව විමර්ශන සිදු කරයි.

මෙම සාකච්ඡාවේදී සිසුවියන්ට තම අවශ්‍යතාවය අනුව තුවා ලබාගැනීමට හැකියාව සලසා දීම, භූගෝලීය විෂමතා අනුව වවුචර් පත් බෙදා හැරීම, පරිසර හිතකාමී ලෙස භාවිතයෙන් පසු තුවා ඉවත් කිරීමේ ක්‍රමවේද සැකසීම වැනි කරුණු පිළිබඳව අග්‍රාමාත්‍යතුමියගේ අවධානය යොමු විය.

මෙම ව්‍යාපෘතියේ ඵලදායීතාවය සහ ප්‍රතිලාභීන්ගේ පහසුව සලකා බලමින් කටයුතු කිරීම සඳහා උපදෙස් දී ඇති බවද නිලධාරීන් ප්‍රකාශ කළහ.

පාසල් ළමුන්ට රජයෙන් අලුත් ආරංචියක්

පාසල් ළමුන්ට රජයෙන් අලුත් ආරංචියක්

චනිත්මාට සම්මානේ දුන්නේ නැත්තේ පෙරහුරුවට ආවේ නැති නිසා නෙවෙයි - අමාත්‍යාංශයට සිරිමාවෝ විදුහල්පතිනිය හෙළි කරයි

චනිත්මාට සම්මානේ දුන්නේ නැත්තේ පෙරහුරුවට ආවේ නැති නිසා නෙවෙයි - අමාත්‍යාංශයට සිරිමාවෝ විදුහල්පතිනිය හෙළි කරයි

මෙරට රන් මිල රුපියල් 7000කින් ඉහළට

මෙරට රන් මිල රුපියල් 7000කින් ඉහළට