අනේ දෙයියනේ... වැටුණද? වැට්ටුවද?
Sri Lanka Police
Accor
Death
Sinhala news
By Ashfa
වැල්ලවත්ත රාමක්‍රිෂ්ණා පෙදෙසේ මහල් පහකින් සමන්විත ගොඩනැගිල්ලකින් වැටීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි වැල්ලවත්ත පොලීසිය සදහන් කරයි.
මියගොස් ඇත්තේ මඩකලපුව ප්‍රදේශයේ පදිංචිව සිටි, වයස අවුරුදු 59ක් වූ, දෙදරු පියෙකු වන රාසයියා තවරාසා මහතාය.
ඔහු වසර තුනකට පෙර ව්‍යාපාරිකයෙකුගේ නිවසක මුරකරු සහ සේවකයෙකු ලෙස රාමක්‍රිෂ්ණා පෙදෙසට පැමිණ සිටි බව වාර්තා වේ.
අද (04) පෙරවරුවේදී, ඔහු ඉහළ මහලක කොරිඩෝවකදී, ලී මිටක් සහිත උපකරණයක් භාවිතයෙන් ජනේල පියන් පිරිසිදු කරන අවස්ථාවේදී අවාසියෙන් වැටී අනතුරට ලක්වූ අතර, එම ස්ථානයේදීම මියගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.
