සිංහ කොඩියත් එක්ක වසර හැටක් ඔල්වරසන් නැගූ පර්සි (VIDEO) (PHOTOS)
දේශීය මෙන්ම විදේශීය cricket ක්‍රීඩා පිටිය තුළ සිංහධජය ඉහලට ඔසවමින් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ චිත්ත ධෛර්යය නංවමින් ජය පැරදුම හමුවේ හිටි ජනප්‍රියම ප්‍රේක්ෂකයා වන පර්සි අබේසේකර මහතා අද ජීවන ගමනේ අසූ පස් වෙනි ලකුණ සම්පූර්ණ කර තිබෙනවා .
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ නොමැකෙන ජයග්‍රහණ මෙන්ම ක්‍රිකට් ක්‍රීඩා තරඟ තුළදී ප්රේක්ෂකයෙකුගෙ භූමිකාවේ දෙස් විදෙස් ජනප්‍රියත්වයට පත්වූ පර්සි අබේසේකර මහතාගේ නම ක්‍රිකට් ක්‍රීඩාව තරම්ම ජනප්‍රිය වී ඇත.
වෘත්තියෙන් නීතිඥයෙකු වීමට බලා සිටී පර්සි නීති විභාගය ද අතහැර ක්‍රිකට් ප්‍රේක්ෂකාගාරයට ගොස් වසර හැටක් ම ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ක්‍රිකට් ප්‍රේක්ෂකයා බවට පත්ව සිටී .
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය තුළත් ලෝක ක්‍රිකට් කිරුළ ජය ගැනීමේ සිට අද දක්වාත් ක්‍රිකට් ලොව සුන්දර අත්දැකීම් රැසකට පර්සි අබේසේකර මහතා හිමිකම් කියයි. ක්‍රීඩා ලෝලියෙකු ලෙස පර්සි අබේසේකර මහතා මෙ වන විට දෙස් විදෙස් ගෞරවාදරයට පත්ව සිටී .
ඒ මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් ලැබුණු තිළිණයක් ලෙස සීමාසහිත ලංකා සළුසල ආයතනයේ සන්නාම තානාපති ලෙස පත්කිරිම රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අතින් ඊයේ දිනයේදී සිදු කෙරුණා.
ඉන්දියාවත් එක්ක ඊයේ අවසන් වූ T20 cricket කුසලානය ශ්‍රී ලංකාවට හිමි වුණා. ඒ ගැන ඊයේ ක්‍රිකට් තරගය ආරම්භ වීමටත් කලින් පර්සි අබේසේකර මහතා මාධ්‍යට කී කතාව යළිත් සිහිපත් කළ යුතුයි .....
අපෙ ක්‍රිකට් කණ්ඩායම ඊයේ දිනුවා ...අදත් දිනනවා ...ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ කිසිම කෙනෙක් අවතක්සේරු කරනවා ට මම කැමැති නැහැ .... ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය තුළත් වර්තමානයෙත් ජනප්‍රියම ප්‍රේක්ෂකයා වන පර්සි අබේසේකර මහතාට ජීවන ගමනේ ශතකය පසුකර යෑමට දීර්ඝායුෂ ලැබේවායි ප්‍රාර්ථනා කරමු.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |