සරසවි නවකවධ සිදුවීමකින් 4ක් රෝහලේ - සිසුවෙකුගේ දුරකතනයකින් පටිගත දර්ශන මෙන්න..(VIDEO)

By Sewvandhi Sep 20, 2022 07:56 AM GMT
Report

තවත් නවකවධය සිදුවීමක් පසුගියදා පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ සිදුව තිබේ. විශ්විවිද්‍යාලයේ ගෙම්බා ආපන ශාලාවේ ‍ආහාර ගනිමින් සිටි නීති පීඨයේ සිසු සිසුවියන් 11 දෙනෙකුට තවත් සිසුන් පිරිසක් පහරදෙන අයුරු එම ස්ථානයේ සිටි සිසුවෙකුගේ ජංගම දුරකථනයෙන් පටිගත කර තිබුණි.

පහරදීමට හේතුවී ඇත්තේ එම විශ්වවිද්‍යාලය තුළ නවකවධය ට විරුද්ධ සිසුන්ට, එම ආපන ශාලාවේ ආහාර ගැනීම තහනම් කර තිබියදී ඔවුන් එම ආපන ශාලාවෙන් ආහාර ගැනීමය. නවකවධය ට විරුද්ධ සිසුන්ට එලෙස ආපනශාලාවෙන් ආහාර ගැනීම තහනම් කර ඇත්තේ විශ්වවිද්‍යාලය තුළ නවකවධය ක්‍රියාත්මක කරන දේශපාලන පක්ෂවල අනුග්‍රහය ලබන සිසුන් කණ්ඩායමක් විසිනි.

පහරදීම හේතුවෙන් තුවාල ලැබු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ සිසුන් දෙදෙනෙකු සහ සිසුවියන් දෙදෙනෙකු රෝහල් ගත කර කිරීමට සිදුවුණි. පහරදීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සිසුන් තිදෙනෙකුගේ පන්ති තහනම් කිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය මේ වන විට තීරණය කර තිබේ.

 (වීඩියෝ අයිතිය - අද දෙරණ)


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW