ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක් - හෙට සිට මේ අයට මහජන බැංකුවෙන් වන්දි

Report

ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී ආයතනයේ රක්ෂිත තැන්පත්කරුවන් සඳහා වන්දි ගෙවීම හෙට(01) සිට ආරම්භ කරන බව සඳහන් කරයි.

ඒ අනුව එම වන්දි ගෙවීම් මහජන බැංකුවේ තෝරාගත් ශාඛා හරහා සිදු කිරීමට නියමිතයි.

එසේම නේෂන් ලංකා ෆිනෑන්ස් ආයතනයේ මූල්‍ය ව්‍යාපාර බලපත්‍රය අවලංගු කිරීමෙන් අනතුරුව මෙම ක්‍රියාවලිය ආරම්භ කර තිබෙන බව සඳහන්.

මේ අතර මහ බැංකුව සඳහන් කරන්නේ ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ සුදුසුකම් ලබන තැන්පත්කරුවන්ට ඔවුන්ගේ රක්ෂිත තැන්පතුවල සමස්ත වටිනාකම අනුව උපරිම රුපියල් මිලියන 1.1ක් දක්වා වන්දි හිමිවන බවයි.

පළාත් රැසකට අද මි.මී 100 ට වැඩි තද වැසි - එල් නිනෝ අර්බුදය මැද ලංකාවේ කාලගුණය කැළඹෙයි

පළාත් රැසකට අද මි.මී 100 ට වැඩි තද වැසි - එල් නිනෝ අර්බුදය මැද ලංකාවේ කාලගුණය කැළඹෙයි

එම වන්දි මුදල් මහජන බැංකු ගිණුම් වෙත බැර කිරීමෙන්, අලුතින් විවෘත කරන ගිණුම් ඔස්සේ හෝ බැංකු කවුන්ටර මඟින් මුදල් ගෙවීමේ ක්‍රමය යටතේ ලබාදීමට නියමිතව ඇත.

මහ බැංකුව මඟින් 2023 අංක 17 දරන බැංකු (විශේෂ විධිවිධාන) පනතේ 66(2) වගන්තිය යටතේ 2026 ජූලි 3 වැනිදා සිට නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී ආයතනයට මූල්‍ය ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමට ලබාදී තිබූ බලපත්‍රය අවලංගු ක‍ර තිබුණා.

එසේම මහ බැංකුව සඳහන් කළේ රක්ෂිත තැන්පත්කරුවන් සහ නීත්‍යානුකූල හිමිකරුවන්ට 2032 ජූලි 2 වැනිදා දක්වා වන්දි ඉල්ලීම් ඉදිරිපත් කළ හැකි බවයි.

එමෙන්ම මහජන බැංකු ගිණුම් දැනටමත් පවත්වාගෙන යන සහ නේෂන් ලංකා ෆිනෑන්ස් ආයතනයේ සමස්ත තැන්පතු වටිනාකම රුපියල් 5,000ට අඩු තැන්පත්කරුවන්, සම්පූර්ණ කළ ඉල්ලුම්පත් සහ අවශ්‍ය ලේඛන විද්‍යුත් ක්‍රමයෙන් මහජන බැංකුව වෙත ඉදිරිපත් කළ යුතු වේ.

රථ වාහන පරික්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක් - තහනම් නියෝග සමඟ රියදුරන්ට දින 14ක සහන කාලයක්

රථ වාහන පරික්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක් - තහනම් නියෝග සමඟ රියදුරන්ට දින 14ක සහන කාලයක්

මහ බැංකුව දැනුම් දී ඇත්තේ අනෙකුත් රක්ෂිත තැන්පත්කරුවන් නියමිත ඉල්ලුම්පත් සමඟ මුල් තැන්පතු සහතික, අනන්‍යතා ලේඛන ඇතුළු අවශ්‍ය ලේඛන මහජන බැංකුවේ නම් කරන ලද ශාඛා වෙත ඉදිරිපත් කළ යුතු බවයි.

ඒ අනුව ඒකාබද්ධ ගිණුම් හිමියන් වෙන වෙනම වන්දි ඉල්ලුම්පත් ඉදිරිපත් කළ යුතු අතර, පෞද්ගලිකව පැමිණීමට නොහැකි තැන්පත්කරුවන්ට නීත්‍යානුකූලව පත් කළ ඇටෝර්නි බලපත්‍ර හිමියන් මඟින් ඉල්ලීම් ඉදිරිපත් කළ හැකි බවද සඳහන්.

තවද වන්දි ක්‍රියාවලියට අදාළ ඉල්ලුම්පත්, උපදෙස් සහ ප්‍රශ්න සඳහා පිළිතුරු මහ බැංකු වෙබ් අඩවියෙන් ලබාගත හැකි අතර, මහජන බැංකුවේ නම් කරන ලද ශාඛාවලින් මුද්‍රිත පිටපත්ද ලබාගත හැකි බව වාර්තා වේ.

එසේම තවදුරටත් තොරතුරු අවශ්‍ය තැන්පත්කරුවන්ට මහ බැංකුවේ තැන්පතු රක්ෂණ සහ විසඳුම් දෙපාර්තමේන්තුව හරහා සහාය ලබාගත හැකි බවයි ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

අදින් පසු දෙසැම්බර් 31 තෙක් සියලු රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල මෙය ක්‍රියාත්මකයි - QR කේතයකුත් ලබා දෙයි

අදින් පසු දෙසැම්බර් 31 තෙක් සියලු රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල මෙය ක්‍රියාත්මකයි - QR කේතයකුත් ලබා දෙයි

දවස් හතරක් එක දිගට කෑම ලෝකෙක තනි වෙන්න ආසද? Reecha Food Festival කෑම පිස්සෙක්ට කියාපු දවසක් මෙන්න

දවස් හතරක් එක දිගට කෑම ලෝකෙක තනි වෙන්න ආසද? Reecha Food Festival කෑම පිස්සෙක්ට කියාපු දවසක් මෙන්න