නැවත ආවාට දුන් ආගන්තුක සත්කාරය

Sri Lanka Police Sri Lanka Navy Sinhala news
By Hashan May 16, 2025 03:49 AM GMT
Hashan

Hashan

Report

මෙරටට නීති විරෝධී ලෙස ඇතුළු වීමට උත්සහ කළ පුද්ගලයන් 6 දෙනෙකු යාපනය වැල්වැටිතුරෙයි මුහුදු ප්‍රදේශයේ දී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.   

ඔවුන් ඉන්දියාවේ සිට මෙරටට  ඇතුළු වීමට උත්සාහ ගෙන ඇති බව යි අනාවරණය වී ඇත්තේ.   

අත්අඩංගුවට ගත් පිරිස අතර දැරියන් දෙදෙනෙකු ද සිටී. දැරියන් දෙදෙනා ඇතුළු පුද්ගලයන් සිව් දෙනෙක් මන්නාරම දිස්ත්‍රික්කයේ පදිංචි අතර තවත් පුද්ගලයන් දෙදෙනෙක් යාපනය වැල්වැටිතුරෙයි හි පදිංචිකරුවන්ය . 

මුම්බායි ඉන්දියන්ස් ඇස චරිත් අසලංක දෙසට යොමුවන ලකුණු

මුම්බායි ඉන්දියන්ස් ඇස චරිත් අසලංක දෙසට යොමුවන ලකුණු

වැල්වැටිතුරෙයි හි පදිංචි පුද්ගලයින් දෙදෙනා අදාළ පිරිස රැගෙන ඒම සඳහා මෙරට සිට යාත්‍රාවක් රැගෙන ගිය අය බවයි සඳහන් වන්නේ.   

වැඩිදුර විමර්ශනවල දී හෙළිවී ඇත්තේ අනෙක් සිව්දෙනා මෙරට සිට නීති විරෝධී අයුරින් ඉන්දියාවට ගොස් එහිදී ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන්ට හසුවී රඳවා සිටි පිරිසක් බවය.

ඔවුන් මෙලෙස යළි මෙරටට ඇතුළු වීමට උත්සාහ ගැනීමේ දී යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ දී පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 

‍රනිල්ව කපලා නාමලුයි සජිතුයි එක තීරණය

‍රනිල්ව කපලා නාමලුයි සජිතුයි එක තීරණය