වැඩි මිලට බිත්තර වික්කොත් ලක්ෂය ඉක්මවූ දඩයක්.
Sri Lanka
By Wayomi
බොරලැස්ගමුව, බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානයේ සහ ඒ අවට වෙළෙඳසැල් කිහිපයක පාලන මිලට වැඩියෙන් බිත්තර ඇතුළු පාරිභෝගික ද්‍රව්‍ය අලෙවි කළ වෙළෙඳුන් පිරිසකට දඩ නියම කර තිබෙනවා.
ඒ, කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණය මඟින්.
එහිදී රුපියල් 44ක පාලන මිල නොතකා රුපියල් 50කට බිත්තර අලෙවි කළ වෙළෙඳුන් තිදෙනෙකුට රුපියල් ලක්ෂ 03 බැගින් දඩ නියම විය.
එමෙන්ම කිලෝග්‍රෑමයක් රුපියල් 210 ක පාලන මිලට අලෙවි කළ යුතු සුදු කැකුළු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 240 කට අලෙවිකිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් ව්‍යාපාරිකයෙකුට ද කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් රුපියල් ලක්ෂ 03 ක දඩයක් නියම කර තිබුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |