ලංගමෙන් ගසාකෑ කොන්දොස්තරලා 35කට ළඟදීම ලැබෙන දඬුවම.

Bandula Gunawardane Sri Lanka
By Wayomi Jul 19, 2023 06:19 PM GMT
Wayomi

Wayomi

Report

බස් රථයේ එකතු වන මුදල් ගසාකෑම හේතුවෙන් කොන්දොස්තරු 35 කගේ පමණ දිනකට වැඩ තහනම් කරන බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, ප්‍රවාහන ක්ෂේත්‍රයේ දූෂණ සහ අක්‍රමිකතා අවම කරමින් ලංකා ගමනා මණ්ඩලය ලාභ ලබන තත්වයට කෙටි කළක් තුළ පත්කිරීමට අපේක්‍ෂා කරන බවයි.

අමාත්‍යවරයා මෙලෙස අදහස් දැක්වූයේ, ලංකා ගමනා මණ්ඩලයට බඳවාගත් නව රියදුරන් සහ කොන්දොස්තරවරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (19) පැවැති උත්සවයේදීයි. 

ReeCha