හිඟ මුදල් ඉල්ලා උක් ගොවීයෝ පැල්වත්ත සීනි කම්හලට කඩා වදී
හිඟ මුදල් ඉල්ලා උක් ගොවීයෝ පැල්වත්ත සීනි කම්හලට කඩා වදී: විසඳුමක් දෙනතුරු උපවාසයක පැල්වත්ත ප්‍රදේශයේ උක් ගොවීන් ආරම්භ කළ සත්‍යග්‍රහය මේ වන විටත් ක්‍රියාත්මක වේ.
සැපයූ උක් අස්වැන්නට අදාළව මෙතෙක් මුදල් නොලැබුණු පව පවසමින් එම ප්‍රදේශයේ උක් ගොවීන් පිරිසක් ඊයේ දිනයේ සමාගම් පරිශ්‍රය තුළ මෙම සත්‍යග්‍රහය ආරම්භ කරන ලදි.
උක් ගොවින් සදහන් කරන්නේ මාස 03 ක පමණ කාලයක සිට තමන් සැපයූ උක් අස්වනු වෙනුවෙන් රුපියල් කෝටි 60 කට අධික මුදලක් පැල්වත්ත සීනි සමාගමෙන් ගෙවීමට ඇති බවයි.
අදාළ බලධාරීන් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පැල්වත්ත සීනි සමාගම් පරිශ්‍රයට උත්සහ කළ ද එහි ආරක්ෂක අංශ විසින් අවසර ලබා නොදීමත් සමග උණුසුම් තත්ත්වයක් හට ගන්නා ලදි.
අනතුරුව උක් ගොවීන් පිරිසක් සීනි සමාගමේ ප්‍රධාන ගේට්ටුවෙන් පැන එම පරිශ්‍රයට ඇතුළු වූ අතර එහිදී උණුසුම් තත්වයක් ඇතිවිණි. අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති සමග තම ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා උක් ගොවීන් අවස්ථාවක් ඉල්ලා සිටියද සාධාරණ පිළිතුරක් ලැබී නොමැත .
මේ හේතුවෙන් විරෝධතාවයේ නිරත වූ ඔවුන් එම පරිශ්‍රය තුළම මෙලෙස අඛණ්ඩ සත්‍යග්‍රහයක් කිරීමටයි තීරණය කර තිබේ.