සාම පාද යාත්‍රාව මහර ප්‍රදේශයට

Report

“ඒහි පස්සිකෝ“ සාම පාද යාත්‍රාව මහර ප්‍රදේශයට ළගා වී ඇත .

දිවයිනට වැඩමකර සිටින වියට්නාම් ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන පාද යාත්‍රාවේ 06 වන දිනය අදයි.

අද (27) දිනයේ පාද යාත්‍රාව යක්කල අබේසේකරාරාමයෙන් ආරම්භ වු අතර මේ වන විට භික්ෂූන් වහන්සේ වෙනුවෙන් දහවල් දානමය පිංකම මහර ජනාධිපති විද්‍යාලයේ පැවැත්වෙන බව වාර්තා වේ .

තවද අද දිනයේ පාද යාත්‍රාව කැලණිය රජමහා විහාරය දක්වා ගමන් කිරීමට නියමිතය.