ආණ්ඩුව මට පුදුම බයයි….! හැමදාම මඩගහනවා…! මුන්ට හොඳ පාඩමක් උගන්නන්න ඕන…! – පාඨලී…..

By Wasantha Jul 14, 2021 01:13 PM GMT
Report

15 හැවරිදි දැරියක් අපයෝජනයට ලක් කිරීමේ සිදුවීමට අදාළව පොලිස් පරීක්ෂණ සිදුවෙමින් තිබියදී, ආණ්ඩුවට සම්බන්ධ මඩ කල්ලියක් විසින් එම සිදුවීමට කිසිසේත්ම සම්බන්ධ නැති පිරිස් ඊට සම්බන්ධ කරමින් පහත් පෙළේ චරිත ඝාතන ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.

මා විසින් අදාළ දැරියගේ දෙමව්පියන්ට දුරකතන ඇමතුම් ලබාදුන් බවටත්, මාගේ සමීපතම පුද්ගලයින් මෙම සිදුවීමට සම්බන්ධ බවටත් හැඟී යන ආකාරයේ පළකිරීම් ආණ්ඩුවේ සට්ටම්බිරාළලා විසින් සමාජ සහ වෙබ් මාධ්‍ය තුළ සිදුකරමින් සිටියි.

දියණියන් දෙදෙනෙකුගෙ පියෙකු වශයෙන් 15 හැවරිදි දැරියක් සල්ලාලයින් පිරිසක් විසින් අපයෝජනයට ලක් වීම එම දැරියට සහ ඇගේ සමීපතමයින්ට කෙතරම් වේදනාකාරී අත්දැකීමක් වනු ඇත්ද යන්න අමුතුවෙන් විස්තර කල යුතු නොවේ.

එවන් තත්වයක් යටතේ ඇයට යුක්තිය ඉටුකල යුතු ශ්‍රී ලංකා ආණ්ඩුවේ පාලක පැලැන්තිය සහ ඔවුන්ට හිතවත් මාධ්‍ය මෙම දැරියගෙ සිදුවීම දේශපාලන මඩ තලියක් බවට පත් කරගෙන ඌරන් මෙන් හැසිරෙමින් සිටියි. මෙය දරුවන් සිටින දෙමව්පියන් සිහිබුද්ධියෙන් තේරුම්ගත යුතුය.

ශ්‍රී ලංකා පොලීසිය වහාම මෙම විමර්ශන කඩිනමින් සිදුකොට මෙම සිදුවීමට සම්බන්ධ සියලු පාර්ශව කිසිදු පැකිලීමකින් තොරව අත්අඩංගුවට ගෙන අධිකරණයට යොමුකළ යුතුය.

එහි ප්‍රගතිය රටට හෙළිකළ යුතුය. පසුගිය සමයේ සමාජ මාධ්‍ය මර්දනයට නව නීති ගෙන ඒමට සූදානම් වූ අවස්ථාවේ විපක්ෂය ඊට එරෙහි විය.

දැන් මෙවැනි මඩ ප්‍රහාර හරහා විපක්ෂ ක්‍රියාකාරීන්ගෙ චරිත ඝාතනය කොට ඔවුන් ලවාම සමාජජාල මාධ්‍ය පාලනය කල යුතුය යන මතවාදය නිර්මාණය කිරීම ආණ්ඩුවේ සැඟවුණු අරමුණ විය හැක.

මේ ආණ්ඩුව පත්වූ දා සිට පාඨලී චම්පික රණවක වන මා ඉලක්ක කරමින් අඛන්ඩ මඩ ව්‍යාපාරයක් දියත් කළ අතර ඊට ඔවුන් සතු උපරීම හැකියාව යෙදවීය.

ඒ මා කෙරෙහි වන කවර බියක් නිසාද යන්න මට නොවැටහේ. නමුත් මේ චරිත ඝාතනයන් ඉක්මනින් අවසන් විය යුතුය. ඒ චරිත ඝාතකයින්ට අමතක නොවන පාඩම් ඉගැන්විය යුතු කාලය එළඹෙමින් තිබේ.