මේ අවුරුද්දෙ හැම පුද්ගලයෙක් ගෙන්ම 136,000 ක බද්දක් අයකරන්න වන බවට ප්‍රකාශයක්.

Champika Ranawaka Sri Lanka Income Tax Department Income Tax Return Budget 2025
By Aruna Jan 03, 2025 01:28 AM GMT
Aruna

Aruna

Report

ආණ්ඩුවේ නව බදු ක්‍රමය ජනතාවට විශාල බරක් පැටවීමට හේතු වී ඇති අතර, එය රටේ ආර්ථිකයට ද අහිතකර බලපෑමක් ඇති කළ හැකි බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

ඔහු මේ බව පෙන්වා දුන්නේ එක්සත් ජනරජ පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ පැවැති ‘ආණ්ඩුවේ අලුත් බදු ක්‍රමය සහ නව වසරේ ආර්ථිකය’ පිළිබඳ මාධ්‍ය සාකච්ඡාව සමග එක්වෙමින්.

රණවක මහතා ප්‍රධාන වශයෙන් පෙන්වා දුන්නේ ආණ්ඩුව විසින් හඳුන්වා දී ඇති නව බදු ක්‍රමයේ ප්‍රතිපලයක් ලෙස ජනතාවට විශාල බරක් පැටවී ඇති බවය.

නව බදු ක්‍රමයේ බොහෝ අංග හිටපු රනිල් වික්‍රමසිංහ යෝජනා කළ ක්‍රමයට සමාන බවත්, එය නව ආණ්ඩුවේ මුල් නිර්මාණයක් නොවන බවත් පෙන්වා දෙන රණවක මහතා වෘත්තිකයන්ට පනවා ඇති නව බදු මගින් ඔවුන්ට විශාල බරක් පැටවී ඇති බවත්, එය රටේ ආර්ථිකයට ද අහිතකර බලපෑමක් ඇති කළ හැකි බවත් අවධාරණය කළේ ය.

“පුද්ගලික ආදායම් බදු අඩු වෙලා, උපයන විට ගෙවීමේ බද්ද වැඩි වුණාට වැඩක් නෑ. සමස්තයක් හැටියට බදු ආදායම වැඩි වෙන් නැත්තං වෘත්තීයවේදීන් පීඩනයට ලක්වීම විතරයි වෙන්නේ.”

නව බදු ක්‍රමය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බලපෑම මත ක්‍රියාත්මක කරන අතර, එමගින් රටේ ආර්ථිකයට වඩා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අරමුණු ඉටු කර ගැනීමට උත්සාහ කරයි.

ශිෂ්‍යත්ව ව්භාගය ලියපු සිසුන්ට සතුටුදායක ආරංචියක්..

ශිෂ්‍යත්ව ව්භාගය ලියපු සිසුන්ට සතුටුදායක ආරංචියක්..


“හැබැයි මැතිවරණයට පෙර ආණ්ඩුවේ ආර්ථික උපදේශකයන් කියන අය, ආණ්ඩුවේ ප්‍රකාශකයින් අගමැතිතුමිය මේ හැමෝම කිව්වේ අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක රටට වාසිදායක වෙන ආකාරයේ කොන්දේසි සාකච්ඡා කරනවා.

මූල්‍ය අරමුදලේ ණය තිරසරභාවය පිළිබඳව තියෙන සූත්‍රය අපි වෙනස් කරනවා කියන එක ලිඛිතව එතුමන්ලා ඉදිරිපත් කළා. එතුමන්ලාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්, දැන් ඒ ගැන ජනාධිපතිතුමිය හෝ අගමැතිතුමිය කිසිම සද්දයක් නැහැ.

දැන් අර රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ එතනත් දීලා තිබිච්ච ඒ සූත්‍ර පාඨය අනුව ගමන් කරනවා.” “2025 වසරේ ආසන්න වශයෙන් රු. බි. 4300 – 4400 අතර ආදායම් ඉලක්කයක් ළඟා කරගත යුතුයි.

මේක සංසන්දනය කළොත් ගෝඨාභය රාජපක්ෂගේ පාලන කාලයත් එක්ක ගෝඨාභය පාලන කාලය 2020 අපේ බදු ආදායම තිබුණේ බිලියන 1300 ක් වගේ අමතර වැඩි මනත් වශයෙන් මේ වසරේදී බිලියන 3000 ක් පමණ හොයාගන්න ඕනේ.

වෙන වචන වලින් කියනවා නම් හැම පුද්ගලයෙක්ගෙන්ම ආසන්නයෙන් රු. 136,000 ක්, 2020 ට සාපේක්ෂව මේ වසරේ වැඩි මනත් වශයෙන් බදු අයකර ගත යුතුයි.

ඒක තමයි ඉලක්කය. ඒ ඉලක්කය සපුරා ගැනීම සඳහා තමයි ආණ්ඩුව කටයුතු කරන්නේ. ඒ වගේම ආණ්ඩුවට ප්‍රාග්ධන වියදම් ඇතුළු වියදම් පාලනය කරන්න සිද්ධ වෙනවා.

ඇතැම්විට අපි ඇහෙනවා ආණ්ඩුවේ උපදේශකයින්ගෙන් රාජ්‍ය සේවකයින්ගෙන් හයලක්ෂයක් ගෙදර යවන්න ඕනේ කියලා. අපි දන්නේ නැහැ මොකක්ද කරන්න යන්නේ කියලා.”

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියමයන් යටතේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට රුපියල් බිලියන 657ක ප්‍රාථමික ශේෂයක් ධන අගයක පවත්වා ගැනීමට සිදුව ඇත. මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා රජය විසින් නව බදු පනවා ඇති අතර පවතින බදු වැඩි කර ඇත.

මෙම තත්ත්වය ශ්‍රී ලාංකික ජනතාවට බරපතල බලපෑමක් ඇති කර තිබේ. පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දෙන්නේ, බැංකු තැන්පතු මත අය කරන රඳවා ගැනීමේ බද්ද 5% සිට 10%ය දක්වා වැඩි කිරීම බැංකු තැන්පතුකරුවන්ට විශාල අභියෝගයක් වී ඇති බව ය.

බොහෝ දෙනා තම තැන්පතු ආපසු ගෙන වෙනත් ආයෝජන වෙත යොමු වීම නිසා කොටස් වෙළඳපොළේ විශාල වර්ධනයක් දක්නට ලැබේ.

මෙම තීරණය බැංකු පද්ධතියට දැඩි බලපෑමක් ඇති කර ඇති අතර ආර්ථික ස්ථාවරත්වයට තර්ජනයක් විය හැකි බවට ද, රණවක මහතා අනතුරු අඟවයි. රජය පවසන පරිදි සේවා අපනයනය සඳහා කිසිදු බද්දක් නොතිබුණද, නව බදු පද්ධතිය යටතේ සේවා අපනයනය කරන වෘත්තිකයන්ට 15% ක බද්දක් අය කිරීමට යෝජනා වී ඇත.

ඩිජිටල් සේවා සඳහා වැට් බද්දක් පැනවීමට ද යෝජනා වී ඇති අතර මෙය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට විශාල අභියෝගයක් වනු ඇත.

දැනටමත් දැන්වීම්කරණය හරහා ආදායම් උපයන පුද්ගලයින් 22%ක් පමණ බදු ගෙවයි.

මෙම නව බද්ද ඊට අමතරව පැනවීම බරක් බවත් රණවක මහතා ප්‍රකාශ කරයි. මෙම නව බද්ද හේතුවෙන් අවසානයේදී බර පැටවෙන්නේ පාරිභෝගිකයා මත බවත්, එමගින් ජීවන වියදම ඉහළ යන බවත් පෙන්වා දෙන එක්සත් ජනරජ පෙරමුණේ නායකයා; මෙම බද්ද රජය ඉංජිනේරුවන් හා තාක්ෂණවේදීන්ට දී ඇති පොරොන්දු බිඳ දැමීමක් බව ද පෙන්වා දෙයි. මෙම බද්ද හේතුවෙන් ආයෝජකයින් ධෛර්යය වීමට ඉඩක් නැත.

මෙම නව බද්ද හේතුවෙන් ද්විත්ව බදුකරණයක් සිදුවීමේ අවදානමක් පවතින අතර, රජය මෙම බද්ද කෙසේ අය කරන බවට පැහැදිලි ප්‍රකාශයක් නොදී සිටීම ගැටළුවකි.

මෙම බද්ද සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කිරීමේ වගකීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ජනාධිපතිවරයා සහ අගමැතිවරිය සතු බව ද හෙතෙම පෙන්වා දෙයි.

“ඩිජිටල් සේවා බද්දට වැට් බද්ද ගේන්න තීරණය කරලා තියෙනවා. මේක සාමාන්‍යයෙන් අනෙක් රටවලත් ක්‍රියාත්මකයි. ඉන්දියාවේ එහෙමයි කියලා. ප්‍රශ්නෙ තියෙන්නේ මේ බද්ද ගැන අපිත් සාකච්ඡා කළා පාර්ලිමේන්තුවේදී.

මේ ගැන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වහාම ප්‍රකාශයක් කළ යුතුයි. මොකද ඔවුන් පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා මෙවැනි බදු අය කර ගැනීමේ ක්‍රමවේදයක් ඔවුන්ට නැති බව. උදාහරණයක් හැටියට මේක කතා කරපු දෙයක් තමයි පික් මී සහ ඌබර්. ඌබර් එකට බදු නෑ, පික්මී එකට වැට් බදු තියෙනවා.

එතකොට ඌබර් එකෙන් බදු අය කරගන්නේ කොහොමද කියලා කිව්වම, ඌබර් එකෙන් බදු අය කරගන්න අපිට බෑ කිව්වා. ඒ මොකද, ඒක ඩිජිටල් සේවාවක් හැටියට කෙලින්ම නෙදර්ලන්තයේ බැංකුවක් එක්ක කරන ගනුදෙනුවක් කියලා.

ඒ නිසා දැන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ ජනාධිපතිවරයා විසින් පැහැදිලි කරන්න ඕනේ” මීට අමතරව, මුද්දර බද්ද, කැසිනෝ සූදු, දුම්කොළ සහ සුරා බදු වැඩි කිරීමෙන් සහ වාහන ආනයනයට ඉඩ දීමෙන් ද රජය ආදායම් ඉලක්කය සපුරා ගැනීමට බලාපොරොත්තු වන බව රණවක මහතා ප්‍රකාශ කළේ ය.

අද ලග්න කිහිපයකට දියුණුවේ දොරටු විවර වෙයි..ලග්න 04ක අය දැඩි විමසිල්ලෙන් සිටින්න.(VIDEO)

අද ලග්න කිහිපයකට දියුණුවේ දොරටු විවර වෙයි..ලග්න 04ක අය දැඩි විමසිල්ලෙන් සිටින්න.(VIDEO)


“මේ ජනාධිපතිට, මේ අගමැතිතුමියට ඒක පැහැදිලි කර ගැනීමේ හැකියාවක් නැති බව අපි දන්නවා. ඒ නිසා, මේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු පිරිස් මේවට කටයුතු කළ යුතුයි.”

වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දුන්නේ ආණ්ඩුව තෙල් බදු අඩු කරන බවට පොරොන්දු වුවද, තෙල් මිල ඉහළ යාමට බදු ප්‍රධාන හේතුවක් බවය.

විශේෂයෙන්ම පෙට්‍රල් සහ ඩීසල් මත ඉතා ඉහළ බදු අය කරන බවත්, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළු සමාගම් ලාභ ලබන බවත් ඔහු චෝදනා කරයි. “තෙල් මිල ගැන ජනාධිපතිවරයා, අගමැතිතුමිය, විදේශ ඇමති තුමා ඇතුළු මේ සියලුම දෙනා තෙල් වලට බදු ගහනවද, බදු වලට තෙල් ගහනවද කිය කිය, මේ රටේ ජනතාවට විශාල පොරොන්දු ප්‍රමාණයක් දුන්නා.

ඒ තෙල් බදු ඉවත් කරන බව කිව්වා. නමුත් එක තඹයකින් තෙල් බදු ඉවත් කරලා නෑ. රු. 118 ට ගේන පෙට්‍රල්වලට රු. 109 ක බද්දක් තියෙනවා.

ඊට අමතරව තව වියදම් ගණනාවක් තියෙනවා. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළු තෙල් බෙදාහැරීමේ ආයතනවල 14% ක ලාභයක් එක්කත් බෙදුම්කරුවන්ට 3% ක අතිරේක වට්ටමක් එක්කත් මේක යනවා. මේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම අතරමං වෙලා තියෙන මේ ඩීසල් මිලත් එක්ක.

පොදු ප්‍රවාහනය, භාණ්ඩ ප්‍රවාහනය ගොඩකට බලපාලා තියෙන්නේ ඩීසල්. ඒකේ රු. 136 ට නොවැම්බර් මාසේ ඩීසල් රු. 86 ක බද්දක් තියෙනවා. 14% ක ලාභාංශ තියෙනවා. ඒ නිසා තවත් ළඳ බොළඳ කතා කියන්න එපා.

ගිවිසුම් ගහලා තියෙනවා සමාගම් එක්ක අපිට අඩු කරන්න බැහැ කියලා. අපි අභියෝග කරනවා ඒ ගිවිසුම මොකක්ද? ඒ කොහොමද ඒක වෙලා තියෙන්නේ කියලා පෙන්නන්න කියලා. ඇත්ත කතාව නම් මේ බදුත් ලාභාංශයන් නිසා තමයි මිල අඩු කරගන්න බැරි.

රට අනුරට කියලා බෝඩ් ගහ ගත්ත අපගේ ත්‍ර්වීලි සහෝදරවරුන්ට අපි කියන්න ඕනේ. 109 ක් ඔබෙන් බදු ගන්නවා ලීටරයකට. ඒ වගේම බස් රථ, ට්‍රක් රථ, ට්‍රැක්ටර් මේ සියල්ලෙම ඩීසල් ලීටරයකට රු. 86 ක බද්දක් ගන්නවා.

ඒ නිසා මේ තෙල් බද්ද මේ ආණ්ඩුවේ බද්දක් ඒක මතක තබා ගත යුතුයි. ඒ වගේම මේ ගැන ඒගොල්ලන්ගේ වෙබ් අඩවියේම තියෙනවා.

ඒ වෙබ් අඩවියට මේගොල්ලෝ දාපු එකක් නෙමෙයි. ඒක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බලපෑම නිසා ගිය වසරේ ඉඳන් වෙබ් අඩවියේ මේක පවත්වාගෙන යනවා.” විදුලි බිල අඩු කරන බවට දී තිබූ පොරොන්දුව ලබා නොදීම සහ ලංකා විදුලිබල මණ්ඩලය විසින් ලබා ගන්නා ලාභ ගැන ද පාඨලී චම්පික රණවක මහතා ප්‍රශ්න කරයි.

එමෙන්ම ජනතාව වෙනුවෙන් ගෙවන බදු මුදල් පොදු උපයෝගිතා සේවා සඳහා යොදවන්නේ නැති බවට ද හෙතෙම චෝදනා කරයි. “ඊළඟට ලොකුවට කතා කරපු එකක් තමයි විදුලි බිල අඩු කිරීම ගැන.

අපිට මතකයි වසන්ත සමරසිංහ මහත්තයා, නලින්ද ජයතිස්ස මහත්තයා අපිත් එක්කම මහජන උපයෝගිතා කොමිසමට ගිහිල්ලා කිව්වා 30%කින් විදුලි බිල අඩු කරන්න පුළුවන් කියලා.

විදුලි බිල අඩු කරලා නෑ. ඒ වෙනුවට ලබන අවුරුද්දේ ව්‍යාජ පාඩුවක් පෙන්නලා තියෙනවා ලංකා විදුලිබල මණ්ඩලය. අපිට මේක කියන්න වෙන්නේ වෙන මොකක්වත් නෙවෙයි. ‘අනුර හරිනි ආණ්ඩුවේ ලයිට් බද්ද’ කියලා.

2023, 2024 ලාභය ඒවා ක්ෂය වීම් ආදිය සියල්ල එකතු කළාට පස්සේ 2023 බිලියන 66කුත්, 2024 බිලියන එකසිය හැත්තෑ හතකත් ලාභ මුදල්, ක්ෂයවීම් එක්ක මුදල් ලංකා විදුලිබල මණ්ඩලයට එකතු වෙලා තියෙනවා.

ඒ අතරේ බිලියන 300 කට අධික විදුලිබල මණ්ඩලය නොගෙවපු බිල් ආදිය මේ රටේ බදු ගෙවන ජනතාව, භාණ්ඩාගාරය හරහා උකහාගෙන තියෙනවා.”

ශ්‍රී ලංකාවේ වත්මන් ආණ්ඩුව විසින් ජනතාවට ලබා දෙන තොරතුරුවල විශ්වාසදායක බව පිළිබඳ සැකයක් මතුවන බව පෙන්වා දෙන රණවක මහතා විශේෂයෙන්ම, තෙල්, විදුලිබල සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් පිළිබඳව ආණ්ඩුව ඉදිරිපත් කරන දත්තවල විශ්වාසදායක බව පිළිබඳව බරපතළ සැකයක් මතු කරයි.

විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලාභ හා පාඩු පිළිබඳ දත්ත වල විශ්වාසදායක බව ප්‍රශ්න කරන ඔහු පවසන්නේ තමන්ගේ පාලන කාලය තුළ විදුලි බිල අඩු කරමින් ලාභ ලබා ගත් බවත්, වත්මන් ආණ්ඩුව බොරු ඉලක්කම් ඉදිරිපත් කරමින් ජනතාව රැවටීමට උත්සාහ කරන බවත්ය.

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ රටට ආනයනය කරන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් සහ ඒවා මත අය කරන බදු පිළිබඳව විශාල විෂමතාවයක් පවතින බවයි.

ඔහු පවසන්නේ ආණ්ඩුව මේ පිළිබඳව අවංකව ජනතාවට තොරතුරු ලබා නොදෙන බවයි. ආණ්ඩුවේ තීරණ ජාත්‍යන්තර බලවේගවල බලපෑමට ලක්ව ඇති බවට ද, රණවක මහතා චෝදනා කරයි.

You May Like This Video



ReeCha