ළඟම කාර්යාලයට එන්න... එන්න කලින් මේ දේ අනිවාර්යයි.!!!!
By Wasantha
කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයන් අන්තර්ජාලය ඔස්සේ දිනයක් හා වේලාවක් වෙන් කරවා ගෙන පැමිණීම අනිවාර්ය කර තිබෙනවා.
ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කලේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය මෙන්ම මාතර, වවුනියාව, මහනුවර සහ කුරුණෑගල යන ප්‍රාදේශීය කාර්යාලවලදී සීමිත සේවාලාභීන් පිරිසක් සඳහා පමණක් එලෙස විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සිදුකරන බවයි.
ඒ අනුව අත්‍යවශ්‍ය සේවා අවශ්‍යතා ඇති සේවාලාභීන් පමණක් තම පදිංචි ස්ථානයට ආසන්නතම කාර්යාලයෙන් එලෙස ගමන් බලපත්‍රය ලබාගැනීම සඳහා දිනයක් හා වේලාවක් වෙන්කරවා ගත යුතු වනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... Join Now |

