සංචරණ සීමා අස්සේ සාද දැමු සභාපති

kotmale thalawakale lidula P.Barathidasan president of municipal council
By Sewvandhi Jun 21, 2021 02:55 AM GMT
Sewvandhi

Sewvandhi

Report

සංචරණ සිමා නිතිය උල්ලංඝනය කරමින් සාදයක් පැවැත් වු තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපති පි.භාරතිදාසන් මහතා ඇතුළු 07 දෙනෙකු (20) දින පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගත් බව තලවකැලේ පොලිසිය පැවසිය.

සභාපතිවරයා ඔහුගේ හිතවතුන් කිහිපදෙනෙකු එකතු කරගනිමින් තලවකැලේ ඉහල කොත්මලේ ජලාශය ඉහලින් පිහිටි පෞද්ගලික උත්සව ශාලාවකදි මෙම සාදය පවත්වා ඇත.

ලංකා කම්කරු කොන්ග්‍රසයේ ආධාරකරුවන් කිහිප දෙනෙකු සම්බන්ධ කර ගනිමින් සභාපතිවරයා සාදයක් පවත්වන බවට 119 හදිසි ඇමතුම් අංශයට ලද පැමිණිල්ලක් මත තලවකැලේ පොලිසියේ නිලධාරින් එම ස්ථානයට ගොස් සභාපතිවරයා සහ සෙසු අය අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය එම ස්ථානයට යන අවස්තාවේ සාදයට සහභාගි වි සිටි තවත් පිරිසක් පලා ගොස් ඇති බවට තොරතුරු ලැබි ඇති බවයි තලවකැලේ පොලිසිය කියා සිටියේ. තලවකැලේ සභාපති සාදය සදහා පැමිණි නගර සභාවේ කැබ් රථයද පොලිස් භාරයටය ගෙන ඇත.

නිරෝධායන නිතිය උල්ලංඝනය කරමින් සාදයක් පැවැත් වු තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපතිවරයා සහ සෙසු 06 දෙනාට එරෙහිව නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනිමට කටයුතු කරන බවත්, එම පිරිස ස්වයං නිරෝධානයට යොමු කිරිමට කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට දැනුම් දි ඇති බවද තලවකැලේ පොලිසිය පැවසිය.

මේ සම්බන්ධයෙන් අප කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කේ.සුදර්ශන් මහතාගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ සිද්ධියෙන් සම්බන්ධයෙන් තලවකැලේ පොලිසිය තමන්ව දැනුවත් කර ඇති බවත්, සාදයට සභාභාගි වු සියළු දෙනා ස්වයං නිරෝධානයට යොමු කර පි.සි.ආර් පරික්ෂණයට යොමු කිරිමට කටයුතු කරන බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now