අය වැය සීමාව තුළ පාර්ලිමේන්තු සේවකයෝ ස්ට්‍රයික් එකට සැරසෙයි

Report

පාර්ලිමේන්තුවේ පරිපාලනය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම පිළිබඳ කමිටු වාර්තාවට විරෝධය පළ කරමින් එහි ඇතැම් සේවකයන් අයවැය කාලයේදී වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට සූදානම් වෙමින් සිටින බව ආරංචි මාර්ග සඳහන් කළේය.

එම කමිටු වාර්තාවට පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු නවයම කතානායකවරයාට දැනටමත් විරෝධය පළ කර ඇත.

දෙපාර්තමේන්තු නවයේ අටසිය පනහක් පමණ සේවය කරති.

මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමට මහා සංඝරත්නයේ සහය අපේක්ෂා කරයි - ජනාධිපති අනුර

මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමට මහා සංඝරත්නයේ සහය අපේක්ෂා කරයි - ජනාධිපති අනුර

එම අංශවල සියලු දෙනාම පාහේ අදාළ වාර්තාවට විරෝධය දක්වමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගතයුතු බවට නිල නොවන මට්ටමෙන් එකඟතාවක් ඇතිකරගෙන සිටින බව දැනගන්නට ඇත.

අයවැය විවාදය පවතින කාලයේ මේ විරෝධතාවය දැක්විය යුතු බවටද යෝජනාවී ඇතැයි වාර්තාවෙයි.

පාර්ලිමේන්තුවේ පරිපාලනය සහ වැටුප් ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් කරුණු වාර්තා කිරීමට විශ්‍රාමික පරිපාලන නිලධාරීන් තිදෙනකුගේ ප්‍රධානත්වයෙන් යුතු මෙම කමිටුව පත් කරනු ලැබුවේ කතානායකවරයා විසිනි.

ගණේමුල්ල සංජීව ඝාතනය පිළිබඳ ඇඟ හිරිවැටෙන අනාවරණයක් - ඉෂාරා සියල්ල වමාරයි

ගණේමුල්ල සංජීව ඝාතනය පිළිබඳ ඇඟ හිරිවැටෙන අනාවරණයක් - ඉෂාරා සියල්ල වමාරයි

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් - දැනගෙන යන්න

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් - දැනගෙන යන්න