අයවැය කාරක සභා විවාදය අදත්....(LIVE VIDEO)

Report

අයවැය කාරක සභා විවාදයේ දෙවන දිනයේ කටයුතු අද (23) පාර්ලිමේන්තුවේදී ආරම්භ වනවා.

ඒ කථානායකගේ ප්‍රධානත්වයෙන්. 

එහිදී ආරක්ෂක සහ මහජන ආරක්ෂක අමාත්‍යංශවල වැය ශිර්ෂ විවාදයට ගැනෙනවා.

ඊයේ (22) ජනාධිපති සහ අගමැති කාර්යාල වැය ශීර්ෂයන් විවාදයට ගනිමින් අයවැය කාරක සභා විවාදය ආරම්භ කෙරුණා.

අයවැය කාරක සභා විවාදය අද සිට දින 19ක් පුරාවට. - ( UPDATE /VIDEO )

අයවැය කාරක සභා විවාදය අද සිට දින 19ක් පුරාවට. - ( UPDATE /VIDEO )


එහිදී විවාදයෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ජනාධිපති වැය ශීර්ෂය සඳහා ඡන්දයක් ඉල්ලා සිටි අතර, පක්ෂව ඡන්ද 62ක් සහ විපක්ෂව ඡන්ද 3ක් පමණක් ලැබුණා.

ඒ අනුව ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය වැඩි ඡන්ද 59කින් සම්මත වුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැවසුවේ ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා තීන්දුවක් ලබා දුන් නිසා මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ යන හිටපු ජනාධිපතිවරුන්ගේ වැය ශීර්ෂ කපා හැරිය යුතු බවයි.

එහි සජීවී විකාශය පහතින්,