හිටපු අගමැති අද පාර්ලිමේන්තුවට.. ඔහුට හිමිවන අසුන මෙන්න.

Parliament Ranil United national party
By Aruna Jun 23, 2021 02:45 AM GMT
Report

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.

උදෑසන 10 ට පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වීමත් සමග කතානායකවරයා ඉදිරියේ රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට නියමිතයි.

රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පාර්ලිමේන්තු සභා ගර්භයේ විපක්ෂයේ ඉදිරිපෙළ 13 වන ආසනය වෙන් කර ඇති බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පැවසුවා.

රනිල් වික්‍රමසිංහ මහතාට හිමි අසුනට වම් පසින් පිහිටි අසුන වෙන් කර ඇත්තේ දෙමළ ජාතික සංවිධානයේ නායක ආර් සම්පන්දන්ටයි.

දකුණු පසින් පිහිටි 12 වන අසුන පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්ට වෙන් කර තිබෙනවා.

මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමත් සමග සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් ඔහු සමග එක් වීමට නියමිත බවට වාර්තා පළ වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now