රනිල් වෙනුවට පාර්ලිමේන්තුවට එන ප්‍රභල චරිතය මෙන්න..
20 වැනිදා වෙන්න යන දේශපාලන පෙරළිය ලබන විසිවැනිදා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීමේ දී රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වුවහොත් පුරප්පාඩු එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරය සඳහා රුවන් විජයවර්ධන නම් කිරීමට පක්ෂ නායක වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අවධානය යොමු වී තිබේ.
පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතිය මත ඔහු නම් කිරීමට නියමිතය.
රුවන් විජේවර්ධන එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස කටයුතු කරයි.
ජාතික ලැයිස්තු මන්ත්‍රිවරයකු ලෙස ඔහු නම් කළහොත් දිවුරුම් දීමෙන් පසු නීතිය හා මහජන ආරක්ෂක ඇමැතිධුරය ලබාදීමටද සැලසුම් කර ඇති බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
යහපාලන රජය සමයේදී රුවන් විජේවර්ධන නීතිය හා සාමය පිළිබඳ රාජ්‍ය ඇමැතිධුරයද හොබවා ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |