අද සිට පාර්ලිමේන්තුව රටටම විශේෂ වෙයි..(LIVE)

Parliament of Sri Lanka Dinesh Gunawardena Keheliya Rambukwella Mahinda Yapa Abeywardena Sri Lanka Politician
By Aruna Sep 05, 2023 04:39 AM GMT
Aruna

Aruna

Report

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාව ඇතුළු තවත් පනත් කෙටුම්පත් කිහිපයක් විවාදයට ගැනීම සඳහා පාර්ලිමේන්තුව අද රැස්වී තිබෙනවා.

ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද (05) පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත ඇතුළු තවත් පනත් කෙටුම්පත් කිහිපයක් අද දෙවන වර කියවීම සිදු කෙරේ.

මේ අතර, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව හෙට, අනිද්දා සහ 8 වන දා විවාදයට ගැනීමට නියමිතයි.

ඒ අනුව ඊට අදාළ ඡන්ද විමසීම මේ මස 8 වනදා පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනු ඇති.

අද පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය පහතින් නරඹන්න.


ReeCha