අද පාර්ලිමේන්තුව රැස්වෙයි..සජීවී විකාශනය මෙතනින් නරඹන්න.(LIVE)
පාර්ලිමේන්තුව අද (17) සිට ලබන 20 වැනි දා දක්වා රැස්වීමට නියමිතව තිබෙනවා.
පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසන්නේ, පළාත් පාලන මැතිවරණයට අදාළව ඉදිරිපත් වූ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් දෙකක් අද පස්වරුවේ දෙවන වර කියවීම සිදුවන බවයි.
අද උදෑසන 09.30 ට රැස්වීමට නියමිත පාර්ලිමේන්තුවේ ආනයන හා අපනයන පාලන පනත යටතේ රෙගුලාසි හා විදේශ විනිමය පනත යටතේ නියෝග විවාදයට ගැනේ.
ඉමිතියාස් බාකීර් මාකර් සහ ප්‍රේමනාත් සී. දොලවත්ත යන මහත්වරුන් විසින් පළාත් පාලන මැතිවරණයට අදාළව ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් දෙකේ දෙවන වර කියවීමේ විවාදය පැවැත්වෙන්නේ ඉන් අනතුරුවයි.
මේ අතර මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත විවාදයට ගැනීම පිළිබඳ අවසන් තීරණය සඳහා හෙට (18) පස්වරු 1.00 ට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස්වීමට ද තීරණය කර ඇත.
පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක පැවසුවේ, කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ බව තීරණය වූ බවයි.
එහිදී පළ වන එකඟතාව මත ලබන 19 වැනි දා පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම විවාදයට ගැනීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.
මේ අනුව අද පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය පහතින් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
