ඉතිහාසගත වාර්තාවක් තබමින්, ශිෂ්‍ය ශිෂ්‍යාවන් 5000 කට අධික පිරිසක් පාර්ලිමේන්තුවට..

Parliament of Sri Lanka Sri Lanka
By Sithumi Dec 01, 2022 01:06 PM GMT
Sithumi

Sithumi

Report

වේත්‍රධාරි නරේන්‍ද්‍ර ප්‍රනාන්‍දු මහතා සඳහන් කරන්නේ අද (1) දිනයේ දී පාර්ලිමේන්තු ඉතිහාසයේ දිනකදි වාර්තාගත වැඩිම පාසල් සිසුන් සංඛ්‍යාවක්  අද දිනයේ පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණි බවයි.එනම්,දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින්, පැසැල් 32 කට අයත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 5000 කට අධික පිරිසකට අද (1) දවසේදී පාර්ලිමේන්තුව නැරඹීමේ අවසරය ලබා දී ඇති බවද ඒ මහතා වැඩි දුරටත් කියා සිටියා.

ලෝක පාර්ලිමේන්තු සමග සැසඳීමේදී ද, එක් දිනක් තුළ මෙපමණ පිරිසක් පාර්ලිමේන්තුව නැරඹීම සඳහා පැමිණීම වාර්තාවක් විය හැකි බවද තවදුරටත් වේත්‍රධාරිවරයා සදහන් කළා. කොවිඩ් වසංගතය හේතුවෙන් වසා තබන ලද මහජන ගැලරිය පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා පසුගිය සැප්තැම්බර් 19 වන දින සිට නැවත විවෘත කිරීමෙන් පසු 25,000 කට වඩා වැඩි ශිෂ්‍ය සංඛ්‍යාවක් දිවයිනේ විවිධ ප්‍රදේශ වල පිහිටි පාසැල් නියෝජනය කරමින්, පාර්ලිමේන්තු විවාද නැරඹීම සඳහා පැමිණ තිබෙනවා.

තවද, 2023 වසරේ ජනවාරි මාසයේ සිට පාර්ලිමේන්තුව නැරඹීම පිණිස පැමිණෙන සෑම පාසැල් සිසුවෙකුටම, නොමිලේ කිරි වීදුරුවක් ලබා දීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද, ඒ මහතා සඳහන් කරනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now