වෘත්තිකයින් රැසක් විශ්‍රාම වයස ඉහළ දාන්න ඉල්ලුම් කරලයි තියෙන්නේ - හැබැයි රජයක් විදිහට අපේ තීරණේ මේකයි - විශ්‍රාම වයස ගැන පාර්ලිමේන්තුවේදී පැහැදිලි කිරීමක්

Report

අද (11) දින සමථකරණ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය සහ සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනත යටතේ වන නියමයන් පිළිබදව විවාද කිරීම පාර්ලිමේන්තුව රැස්විය.

එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් 27/2 යටතේ නැගූ ප්‍රශ්ණ කිහිපයකට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නිතීඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් පිළිතුරු ලබා දුන්නේය.

ජූනි 15 සිට රටටම වෙන්න යන දේ මෙන්න - රජයෙන් විශේෂ සතියක් ප්‍රකාශයට

ජූනි 15 සිට රටටම වෙන්න යන දේ මෙන්න - රජයෙන් විශේෂ සතියක් ප්‍රකාශයට

එහිදී ඔහු පවසා සිටියේ,

"විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් 27/2 යටතේ නැගූ ප්‍රශ්ණය කලින්ම අපේ මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා උත්තරයක් දීලා තියෙනවා.අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම දීර්ඝ කිරීම සඳහා නිල වශයෙන් කැබිනට් අනුමැතියක් තාම අරගෙන නෑ. විනිසුරුවරුන් විතරක් නෙමෙයි ඊට අමතරව වෙනත් වෘත්තිකයින් විසිනුත් විශ්‍රාම වයස ඉහළ නැංවීම සඳහා ඉල්ලුම් කරලා තියෙනවා.අපි රජයක් විදිහට ඒ ඉල්ලීම් කෙරෙහි සාධනීයව සලකා බලනවා වගේම සමහර ඉල්ලීම සාධාරණ වුනත් සමහර ඉල්ලීම් දේශපාලනිකව තියෙන්නේ.

හදිසියේම තෙල් මිල ඉහළට - හෝමූස් සන්ධිය වැසෙයි - ලෝකයම අනතුරක

හදිසියේම තෙල් මිල ඉහළට - හෝමූස් සන්ධිය වැසෙයි - ලෝකයම අනතුරක

නොයෙකුත් හේතු මත ඔවුන් ඉල්ලුම් කරනවා. ආයු අපේක්ෂාව වැඩිවීම , සෞඛ්‍ය සේවාවේ වර්ධනය ,ආයතිනක වශයෙන් වෘත්තියේ දැනුම ,ආර්ථික හා ජන විකාශයන් වෙනස් වීම.අපි වෙන රටවල් අරන් බැලුවොත් එංගලන්තේ විශ්‍රාම වයස 75 කැනඩාවේ 75 ඕස්ට්‍රේලියාවේ 70 බ්‍රසීලයේ 75 ජර්මනියේ 68ක් වගේ ඒ නිසා අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම වැනි කරුණු එය තහවුරු කරමින් හොඳ පියවරක් බවත් කරුණු ඉදිරිපත් වෙලා තියනවා.අපි ආණ්ඩුවක් වශයෙන් සියල්ල සළකා බලනවා."