ලොවක් වසඟයට ගත් තරුණ නළුවා රසිකයින් කම්පා කරමින් හදිසියේම ජීවිතක්ෂයට..(PHOTOS)

By Sewvandhi Dec 03, 2024 04:25 PM GMT
Report

දකුණු කොරියානු නළු පාර්ක් මින්-ජේ හදිසියේ ඇති වූ හෘදයාබාධයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ජීවිතක්ෂයට පත්වන විට ඔහුගේ වයස අවුරුදු 32ක්.

ඔහු නොවැම්බර් 29 වැනිදා චීනය බලා පියාසර කරමින් සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන්කර සිටියේ. 'Little Women', 'Call It Love', 'The Korea-Khitan War', 'Snap And Spark' සහ 'True To Love' ඇතුළු කැපී පෙනෙන කොරියානු නාට්‍ය කිහිපයකට ඔහු රංගනයෙන් දායක වී තිබෙනවා.

"රංගනයට ආදරය කරන සහ සෑම විටම ඔහුගේ උපරිමය කළ සුන්දර නළුවෙක්, පාර්ක් මින්-ජේ ස්වර්ගයට ගොස් ඇත," Min-jaeගේ නියෝජිතායතනය වන Big Title නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියා.

දේහය පිළිබඳ අවසන් කටයුතු දෙසැම්බර් 4 වැනිදා සිදුකිරීමට නියමිතත අතර මේ වන විට ඔහුගේ දේහය භූමදානය කරන ස්ථානය තහවුරු කර නැහැ.

GalleryGalleryGallery