ශිෂ්‍යත්වය අමාරු යැයි දෙමව්පියන් උද්ඝෝෂණයක

parents Scholarship Thisdamaharamaya president school
By Sewvandhi Jan 28, 2022 10:20 AM GMT
Sewvandhi

Sewvandhi

Report

තිස්සමහාරාම ජනාධිපති විද්‍යාලය ඇතුළු විද්‍යාල කිහිපයක මෙවර ශිෂ්‍යත්වයට සහභාගි වූ දරුවන්ට ප්‍රමාදවී ප්‍රශ්න පත්‍ර ලබාදීම හා දරුවන්ට අමාරු ප්‍රශ්න ලබාදීම ට විරෝධය පළ කරමින් දරුවන්ගේ දෙමාපියන් පිරිසක් අද (28) තිස්සමහාරාම දෙබරවැව මාර්ගයේ උද්ඝෝෂණයක නිරත වුණා.

ඒ සඳහා දෙමව්පියන් 150ක පමණ පිරිසක් සහභාගී වී සිටිය අතර උදෑසන 9:00 සිට පැයක පමණ කාලයක් මෙලෙස විරෝධතාවයේ නිරත වූ බවයි වාර්තාකරු පැවසුවේ.

සමහර පාසල් වල ප්‍රමාද වූ ප්‍රශ්න පත්‍ර ලබාදුන් බවත්, එක් දරුවෙකුට ප්‍රශ්න පත්‍ර දෙක බැගින් ලබා දීම හේතුවෙන් සහ ප්‍රශ්න පත්‍ර එකතු කර නැවත ලබා දීම හේතුවෙන් ප්‍රමාදයක් ඇති වූ බවත්, එම ප්‍රමාදයට ඉදිරියට වේලාව ලබා නොදීම දරුවන්ට අසාධාරණ බවත් පැමිණ සිටි දෙමව්පියන් සඳහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now 


ReeCha