සීයාගේ අවමගුල දා මුනුබුරාත් අවසන් ගමන් ගිය සංවේදී පුවත..

Sri Lanka Police Investigation Accident Latest Headlines
By Sewvandhi Oct 20, 2024 04:43 PM GMT
Sewvandhi

Sewvandhi

Report

සීයාගේ අවමඟුල් උත්සවයට සහභාගී වී සිටියදී අවාසනාවන්ත ලෙසින් ජීවිතක්ෂයට පත් වූ තරුණයෙකු පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. ඒ පරගස්තොට ප්‍රදේශයෙන්.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 21ක තරුණයෙක්. ඔහු තම සීයාගේ අවමඟුල් උත්සවයට සහභාගී වී පසුව මිතුරන් සමඟ යතුරුපැදි පැදීමට ගොස් තිබෙනවා.

එහිදී යතුරුපැදිය පාලනය කරගත නොහැකි වී මෙම තරුණයා ගමන්ගත් යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන ආරක්ෂක කණුවක ගැටී ඇති බවයි වාර්තා වෙන්නේ.

තරුණයා ගෝනදුව රෝහලට ඇතුළත්කරන විටත් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.