පපී පොලිස් අත්අඩංගුවට
දිවයිනේ දකුණු ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමේ මෙහෙයුම් කටයුතු තවත් දැඩි කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.
ඒ අනුව ඊයේ දිනයේදී තංගල්ල ප්‍රදේශයේදී මුහුදු මාර්ග ඔස්සේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට සම්බන්ධ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමත්වුණා. කලින් ලද තොරතුරක් ඔස්සේ දිගු කලක් පුරා කරන ලද විමර්ශන හරහා මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ තංගල්ල ප්‍රදේශයේදීයි.
තංගල්ලේ පපී නමින් හැඳින්වෙන මෙම පුද්ගලයා මුහුදු මාර්ග ඔස්සේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බෝට්ටු පදවන ස්කීපර් වරයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ
. අත්අඩංගුවට ගත් අදාළ පුද්ගලයා මත්ද්‍රව්‍ය කාර්යාංශය භාරයට ගෙන ඔහුගෙන් දීර්ඝව ප්‍රශ්න කිරීමට නියමිතයි. මේ අනුව දිවයිිනේ දකුණු ප්‍රදේශය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සහ බෙදාහැරීම සම්බන්ධ කරුණු රැසක් අනාවරණය කර ගැනීමට හැකි වනු ඇතැයි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විශ්වාස කරනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
