සිසු සිසුවියන්ගේ ඇස් උඩ යන ආරංචියක්..ප්‍රශ්න පත්‍ර මාරු වෙලා..

Ministry of Education Central Province Education Latest Headlines
By Sewvandhi Oct 21, 2024 03:26 PM GMT
Sewvandhi

Sewvandhi

Report

මධ්‍යම පළාතේ මේ දිනවල පැවැත්වෙන පාසල් දෙවන වාරයේ විභාගය සඳහා සිංහල මාධ්‍ය සිසු සිසුවියන්ගේ 08 හා 09 පන්තිවලට බෙදා ඇති දෙමළ විෂය ප්‍රශ්න පත්‍රය එකම ප්‍රශ්න පත්‍රයක් වීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කොට තිබෙනවා.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් සඳහන් කර ඇත්තේ,අද (21) පැවැති වාර විභාගයේදී 08 වැනි ශ්‍රේණියට සැකසූ දෙමළ විෂය ප්‍රශ්න පත්‍රයම 09 ශ්‍රේණිය වශයෙන් මුද්‍රණය කොට එකම අන්තර්ගතය ඇතුළත් ප්‍රශ්න පත්‍රයක් 09 ශ්‍රේණිය සිසු සිසුවියන්ට ලබාදී තිබෙන බවයි.

මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිහාල් අලහකෝන් පවසන්නේ, අදාළ ප්‍රශ්න පත්‍රය 08 වැනි ශ්‍රේණියට අදාල එකක් බවත් කිසියම් අතපසුවීමකින් 09 වැනි ශ්‍රේණියේ සිසුන්ටද එම ප්‍රශ්න පත්‍රයම ලබා දී තිබෙන බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සොයා බලන බව පැවසූ අධ්‍යක්ෂකවරයා 09 වැනි ශ්‍රේණියේ සිසුන්ට අදාල දෙමළ භාෂා ප්‍රශ්න පත්‍රය යළි ලබාදීමට කටයුතු කරන බවද පැවසුවා.